පසුගිය වකවානුව තුළ කිසිම දේශපාලකයෙකුට විවෘත නොවන බව දැඩිව ප්‍රකාශ කළ මහානායක හිමිවරුන්ගේ විහාර දොරවල් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විවෘත වුනේය.
දේශපාලකයන්ට වසා දැමුණු මහා විහාර දොරටු අද ජනාධිපතිවරයා විසින් විවෘත කර දීමෙන් පසු හෙට අගමැතිවරයා ද මහා නායක හිමිවරුන් දැක ආශීර්වාද ගැනීමට නියමිතව තිබේ.
ත්‍රෛනිකායික සංඝරත්නය පසුගිය වකවානුවේ දී අවස්ථා හතරක දී රජයේ වැඩපිළිවෙළ සහ නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතු ආකාරය පිළිබඳව වෙන් වෙන් වශයෙන් කරුණු දක්වා තිබිණි.
එහෙත් කිසිදු පක්ෂ පක්ෂ දේශපාලන නායකයෙක් ඒ පිලිබඳ අවධානය යොමුකොට සංඝ රත්නයේ අනුශසනා පිළිබඳ අවධානයක් යොමු නොකළ බව දැඩිව ප්‍රකාශ කළ මහානායක හිමිවරු ඉකුත් මැයි මස 10 වැනි දිනසිට මල්වතු මහා විහාර පරිශ්‍රයට කිසම දේශපාලඥයින්ගේ පැමිණීම අපේක්ෂා නොකරන බව දන්වමින් නිවේදනයක් ද නිකුත් කළේය.
ඉන් දින හයකට පසුව අස්ගිරි මහා විහාරීය ද එම නිවේදනය නිකුත් කරනු ලැබුවේය.
අද ඒ සියල්ල නිමා කරමින් ජනපති රනිල් වික්‍රමසිංහට මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහා නාකය ස්වාමීන්වහන්සේලා බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමට දොරටු විවර විය. එම අවස්ථාවන් දෙකම අවරණය කිරීම සඳහා මාධ්‍යයට ඉඩ ලැබුනේ නැත.