බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන මරි වැඩ එක පිට එක මාට්ටු… හොර ලෙඩ අරන් අධිකරණය මගහැරිය කෙහෙළියගේ  රෙදි අධිකරණයේ දී ගැලවෙයි…

 අධිකරණයට හොර වෛද්‍ය සහතික දුන් බන්ධනාගාර වෛද්‍යවරයාත් කර මුලින් කොටු!

by editor
පෙබරවාරි 29, 2024 - Updated on මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • සහපිරිවර කවුරුත් නෑ… මුහුණ වැහැරී ගිහින්.. මාංචු පිට බන්ධනාගාර නිලධාරින් මැද අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල යළිත් 14 තෙක් රිමාන්ඩ්…

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලිීන් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටිනා  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය නඩුවාරයේ අධිකරණය මගහැරීම සඳහා අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර  බොරු කර ඇති බව අද අධිකරණයේ දී අනාවරණය වුනේය.

ඒ ව්‍යාජ ඉමියුනොග්ලොබියුලීන් එන්නත් අපරාධය සම්බන්ධ නඩුව අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ යලි කැඳවූ අවස්ථාවේ දී ය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත වෛද්‍ය නිර්දේශ හේතුවෙන් යැයි අධිකරණයට පවසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය නඩුවාරයෙහි අධිකරණය හමුවේ පෙනී  සිටියේ නැත. එසේ අධිකරණය ඉදිරියේ නොසිටීම පැමිණිලිකාර පාර්ශවයේ සැකයට හේතු වූ අතර ඒ සම්බන්ධව ඔවුහු අධිකරණයේ දී ප්‍රශ්න කර සිටියහ.  මේ හේතුවෙන්   කෙහෙලිය අධිකරණයට නොපැමිණීම සම්බන්ධව විමර්ශනය කර අධිකරණයට  වාර්තාවක්  ඉදිරිපත් කිරීම සඳහා මාලිගාකන්ද අධිකරණය විසින් විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුවක් නිර්දේශ කළේය.

එම කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම තමන් එහිදී එම විද්වත් කමිටුවට ප්‍රශ්න කීපයක් යොමු කළ බව පැවසුවාය.

  1. මුල් ප්‍රශ්නය ලෙස විමසා තිබුණේ පසුගිය නඩු වාරයට නොපැමිණීමට තරම් මෙම නඩුවේ 08වන සැකකරුවන කෙහෙළිය රඹුක්වැල්ලගේ  සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පැවතියා ද යන්නය. එහිදී විද්වත් කමිටුව පිළිතුරු දී ඇත්තේ අධිකරණය හමුවේ පෙනී නොසිටීමට තරම් සැකකරුගේ සෞඛ්‍ය අයහපත් නොවූ  බවය.
  2. සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත්   එහිදී විද්වත් කමිටුවෙන් ප්‍රශ්න කර ඇත.  එහිදී ඔවුන් පවසා ඇත්තේ  ශ්වසන අසාත්මිකතාවයක් සහිත රෝගි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එය එතරම් බරපතල නොවන බවත්ය.ෙ
  3. සැකකරු බන්ධාගාර රෝහලෙන් වෙනත් රෝහලකට මාරුකර ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න තුන්වන ප්‍රශ්නයයි. එහිදී විද්වත් කමිටුව වාර්තා කර තිබුණේ ජාතික රෝහලට මාරු කර ප්‍රතිකාර ලබා දීමට තරම් 8වන සැකකරුගේ රෝගී තත්ත්වය   උත්සන්න මට්ටමක නොමැති බවය.

රජයේ නියෝජය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ පසුගිය නඩුවාරයේ කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයේ පෙනී නොසිටීමට අදාලව බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාව අසත්‍ය බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලොචනී අබේවික්‍රම විමසා සිටියේ මෙම වෛද්‍යවරයා පත් කර අත්තේ කවුරුන් විසින් ද යන්නය. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන්  කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පත්වීම සිදුකර ඇති බවය.

මෙම නඩු විභාගයේ දී ඉතාම වැදගත් ප්‍රකාශයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කීවාය. ඒ මෙම නඩුවේ දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන සලකා බලා ඇප ඉල්ලූ අවස්ථාවේ දී ය. මෙම නඩුවේ සැකකරුවන්ට ඇප දිය හැකි ආසන්න දිනයක් හෝ පැවසිය නොහැකි බව ඇය කීවේ නඩුවේ සැකකරුවන් දම්වැලක පුරුක් සේ එකිනෙකා හා බැඳී ඇති බවය. එමෙන්ම තවත් සැකකරුවන් විශාල පිරිසක් මේ අපරාධය හා සම්බන්ධ බවත් ඇය කීවාය.

කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සැකකරුවන් මාර්තු මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඡන්දයක් ලංවනවිට මේ පාලකයො බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි… මේ ඉන්නේ රටේ අනාගතය බෙදන බඩුවලට පාවා නොදෙන අලුත් ජනතාවක් බව ඔවුන් දන්නේ නෑ…. ටිල්වින් සිල්වා

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය – වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් රත්නායක යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි… අධිකරණය මගහැර රට පැන සිටින ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවේ වෛද්‍ය ජයනාත් බුත්පිටියට ජාත්‍යාන්තර වරෙන්තුවක්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.