අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දයක් ලංවනවිට මේ පාලකයො බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි… මේ ඉන්නේ රටේ අනාගතය බෙදන බඩුවලට පාවා නොදෙන අලුත් ජනතාවක් බව ඔවුන් දන්නේ නෑ…. ටිල්වින් සිල්වා

තව පහු වෙනවිට හොරා කෑ සල්ලි විසිකරමින් විශාල මඩ ව්‍යාපෘති ජාතික ජන බලවේගයට එරෙහිව දියත් කරන්න නියමිතයි... ඔවුන් ඉන්‌නේ වියරු වැටිලා...

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණයක් ආරම්භවනවිට හැමදාම සිදුවන්නාක් සේ බඩු බෙදන්න පටන් ගෙන ඇති පාලකයින් මෙතෙක් ජනතාවට බෙදා නැත්තේ මිනී පෙට්ටි පමණක් බව පවසන නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බෙදන දේ රැගෙන රටේ අනාගතය පාවා නොදෙන ශක්තිමත් මිනිසුන් පිරිසක් දැන් මේ රටට අවශ්‍ය බවත් එවැනි ජනතාවක් නිර්මාණය වෙමින් ඇති බවත් ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ  “මේක අලුත් අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි” යැයි පවසමින් මේ රට බංකොලොත් කළ අරාජික කළ රටේ අනාගතය විනාශ කළ චෞර කල්ලිය මේ යෝජනා කරන්නේ නැවතත් ඔවුන්ට පාලනය ලබා දෙන්නැයි  කරන ඉල්ලීම බවය.  රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රාජපක්ෂ පරම්රාව ඇති තරම් අත් හදා බැලූ මේ රට ඒහි අන්ත දුර්දාන්ත විපාක විඳිමින් සිටියදී අලුත් අත්හදා බැලීම් නොකරන්නැයි ජනතාවට මේ කියන්නේ කුමක් දැයි විමසා සිටියේය.

අද (29) ජනතා විමුක්තිපෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසුවේය.

මැතිවරණ කාලයක් කිට්ටුවෙනකොට සෑමදාම කරනවා වගේ බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. හොරා කෑ මහජන මුදල්, බදු බර පටවා මහජනතාවගෙන් කොල්ලකාගත් මුදල්, අමාත්‍යාංශවලට වෙන් කර ගත් මුදල් පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. සින්නක්කර ඔප්පු දෙන බව කියමින් අපේ රටේ මහජනතාව ජනාධිපතිවරයා විසින් දඹුල්ලට එකතු කළා. ඔප්පු දෙන්න ඕනෑ ජනාධිපති විසින් නොවෙයි; ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. රට වටේ ජනතාව විවිධ දේවල් දෙන බව කියමින් එකතැනකට එකතු කර, ඡන්ද කැම්පෙන් කරනවා. ඒ වගේම හාල් කිලෝ 20ක් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අතීතයේත් ගිනිපෙට්ටියේ සිට බොහෝ දේවල් බෙදුවා, බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි. ඒ ඡන්දය අරගෙනයි, රනිල්ලා රට හොරා කෑවේ. රට ණය කළේ. ජනතාවට ජීවත් වෙන්නට බැරි තැනට වැට්ටුවේ. ඒ සෙල්ලමට ආයෙත් ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. බෙදන දේවල් අරගෙන රටේ අනාගතය පාවා නොදීමේ තීන්දුව ගත යුතුව තිබෙනවා.

තමන්ගේ එකම ප්‍රතිවාදියා ජාතික ජන බලවේගය නිසා, අලුත් වටයකින් අවලාද නගන්නත් පටන්ගෙන තිබෙනවා. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, එයින් කැඩී ගිය සමගි ජන බලවේගය සහ වෙනත් කල්ලි කණ්ඩායම්වල වේදිකා මතදී වචන සීයක් කතා කළොත් අනූවක්ම තිබෙන්නේ ‘මාලිමාව, ජාතික ජන බලවේගය, අනුර දිසානායක’ කියන වචනයි. තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ නැහැ. මේ හැමදෙනාටම අභියෝගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය බව එයින් යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා අපට සතුටක් දැනෙනනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලුත් සන්ධාන හැදුවත්, අලුත් නම් දැම්මත්, ඉන්නේ පරණ මිනිස්සුමයි. ඔවුන් අලුතින් කියාගෙන යන්නේ “මේක අලුත් අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි” කියලා. එකෙන් කියන්නේ පරණ කට්ටියම තියාගන්න කියලා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇති වෙන්නම අත්හදා බලලයි තිබෙන්නේ. ඒගොල්ලෝ ෆේල්, රට විනාශ කළ අය බව කවුරුත් දන්නවා. අලුතින් අත්හදා බලන්න දෙයක් නැහැ. විදුලි ගාස්තු අඩු කළ හැකි බව හොඳටම දැනගෙනත් රනිල් වික්‍රමසිංහලා ගෙනයන උපක්‍රම පිළිබඳව නලින්ද ජයතිස්ස සහෝදරයාත්, වසන්ත සමරසිංහ සහෝදරයාත් මහජන උපයෝගීතා කොමිසමේදී පෙන්වා දුන්නා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා ගෙවී ගිය මාස 19 තුළ 19 වතාවක් රට ගියේ බදු බර පටවලා ජනතාව පීඩාවට පත්කරමින් ලබාගත් රජයේ ආදායම්වලින්. විදේශ ඇමති යා යුතු උත්සවවලට රනිල් වික්‍රමසිංහ තමන්ට දිනාගත යුතු නඩ පිරිවරාගෙන යනවා. ඔවුන් තවදුරටත් රට විනාශ කරමින් පරණ පාරේම යනවා මිස, අලුත් පාරක යන්න සූදානම් නැති බව දැනුත් තහවුරු කරමින් සිටිනවා.

පසුගිය දෙසැම්බර් 15දා පොහොට්ටු පක්ෂයේ සමුළුවක් පවත්වා 16දාම ඇමෙරිකාවට ගිය බැසිල් රාජපක්ෂ ලබන මාසේ 05දා ලංකාවට එන බව අපට ආරංචි වී තිබෙනවා. එයාලාගේ ඇත්ත ගෙදරට ගිහිල්ලා කොන්ත්‍රාත් කරන්න මෙහෙට එනවා. පොදු අපේක්ෂකයෝ වෙන්න, හීන මවන හැමෝම ආණ්ඩුවල ඉඳලා රට බංකොලොත් කළ විනාශයට වගකිවයුතු අයයි.

මේ හැමෝම පරණ පාරේ යන අය. ඒ අයට රට ගොඩනඟන්න බැහැ. රටට අවශ්‍ය ගැඹුරු වෙනස්කම් කරමින් රට ගොඩනැගීමට ඉන්නේ, අලුත් දේශපාලන සංස්කෘතියක් තිබෙන, කැපකිරීම් කළ හැකි දැක්මක් තිබෙන මාලිමාව පමණයි. මෑත කාලයේ පැවැත්වූ සියලුම ජනමත සමීක්ෂණවලින් ඔප්පු වී සමීක්ෂණවලින් කලබල වෙලා. අපි කරන දේවල් කොපි කරන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාසගේ පක්ෂය මෑත කාලයේ ආණ්ඩුව ගැන විවේචන එල්ල කරනවා වෙනුවට ජාතික ජන බලවේගයට ප්‍රහාර එල්ල කරනවා. අනෙක් කුඩා කල්ලි කණ්ඩායම් පවා එහෙමයි. ප්‍රභූ පෙළැන්තියට තිබූ බලය පොදු ජනතාව අතට මාරු වන බව ඒ සියලු දෙනාට පැහැදිලි වී තිබෙනවා.

මේ නිසා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව කඩමින් විවිධ අවස්ථාවල ක්‍රියාකර තිබෙනවා. පොලිස්පතිවරයා පත්කර ගැනීමේදී කථානායක ක්‍රියාකළ ආකාරය ව්‍යවස්ථාවට පටහැණි බව හෙළි වී තිබෙනවා. ඡන්දය කිට්ටු වෙන කොට තවත් කුමන්ත්‍රණ, විවිධ උපක්‍රම පාවිච්චි කරනවා වගේම හොරා කෑ සල්ලි පාවිච්චි කර, විවිධ අවලාද අපට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඒ කිසිවකට යටත් නොවී, ලෝකය ඉදිරියේ අපේ රට ගෞරවණීය තත්වයට ඔසවා තබන්න, ආර්ථිකය ගොඩගෙන නව ජාතික පිබිදීමක් රට තුළ ඇති කරන්න ක්‍රියාකරමු කියා ජනතාවගෙන් ඉල්ලනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 120කට පෙර අතුරුදහන් වූ නෞකාවක අභිරහස විසඳෙයි…

Next Post

කරන මරි වැඩ එක පිට එක මාට්ටු… හොර ලෙඩ අරන් අධිකරණය මගහැරිය කෙහෙළියගේ  රෙදි අධිකරණයේ දී ගැලවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.