බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය – වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් රත්නායක යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි… අධිකරණය මගහැර රට පැන සිටින ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවේ වෛද්‍ය ජයනාත් බුත්පිටියට ජාත්‍යාන්තර වරෙන්තුවක්…

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය සම්බන්ධව ප්‍රධාන චූදිතයෙක්වන  හදිසි ප්‍රසම්පාදන කමිටුවේ ඇගයිම් කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය  විමර්ශන මගහැර විදෙස්ගතව සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර වරෙන්තු නිකුත් කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රශ්නගත අපරාධය සම්බන්ධ මුල් ගොනු අස්ථානගත කිරීම සම්බන්ධව වගකිවයුතු  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට අද උදේ 9ට  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ඒ ඊයේ (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී   මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ  ඉමියුනොග්ලොබියුලීන් මානව ප්‍රතිශක්ති එන්නත් වංචාව පිළිබඳ නඩුව   කැඳවු අවස්ථාවේ දී ය.

ප්‍රශ්නගත ගනුදෙනුවල මුල් ගොනු අස්ථානගත වීම සඳහා වගකිව යුතු තැනැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක බව නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ   අධිකරණයට පැවසුවාය.

නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නේ   වෛද්‍ය සමන් රත්නායක විමර්ශන කටයුතු මගහැර යන ආකාරයේ බොරු කියන බවය.   පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ගෙන සිටින බවත්  තමන් ඉන්නේ වනාත විල්ලුවේ බවත් ප්‍රකාශ කරමින්  වෛද්‍ය සමන් රත්නායක විමර්ශන නිලධාරියෙක් වෙත  කෙටි පනිවිඩයක් යවමින් දන්වා ඇතත් ඊයේ සවස් වනතුරුම ඔහු තම කාර්යාලයේ රැඳි සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය හෙළි කළාය.

එමෙන්ම  සමන් රත්නාය තාවකාලිකව පදිංචි බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලිපිනය ව්‍යාජ බව ද ඇය අධිකරණයට දැනුම් දුන්නා. ඒ හේතුව නිසා ඔහුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට   වැඩිදුර ප්‍රකාශයක් ලබා දෙන්නැයි ඔහුගේ  කුරුණෑගල ලිපිනයට ගොස් දැන් වූ  බවත් එම දැන්වීම සමන් රත්නායකගේ    බිරිය භාරගත් බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මේ කරුණු සලකා බලා හෙට උදෑසන 9ට ප්‍රකාශයක් ලබා දීමට නියෝගයක් නිකුත් කරන්නැයි නි.සො.ජෙ.වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය

මහේස්ත්‍රාත්වරයි කීවේ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ තවත් මුල් පුරුක් කීපයක් සිටින බවත් ඉදිරි නඩුවාරයට පෙර    අත් අඩංගුවට ගත යුතු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කළා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන මරි වැඩ එක පිට එක මාට්ටු… හොර ලෙඩ අරන් අධිකරණය මගහැරිය කෙහෙළියගේ  රෙදි අධිකරණයේ දී ගැලවෙයි…

Next Post

මන්නාරමේ දස හැවිරිදි දැරිය දූෂණය කළ මරා දැමූ අපරාධකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාටත් ජනතා විරෝධය!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.