දිනසේන රතුගමගේ –
මන්නාරම ඌර්මානෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු දහයක දැරියක් දූෂණය කොට මරා දැමූ වයස අවුරුදු 56 ක සැකකරු මේ මස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් කේ.එල්.එම් සජීත් ඊයේ ( 29) දා නියෝග කළේය.
එම දැරියගේ නිවසේ මෙහෙකාර වැඩ සදහා ත්‍රීකුණාමලයේ සිට මන්නාරමට පැමිණ සිටි ඔහු 2024 පෙබරවාරි මස 16 වෙනිදා දැරිය සමග වෙළඳ සැලකට ගොස් සිටි අවස්ථාවේදී දැරියව කැළයකට රැගෙන ගොස් දූෂණය කොට මරා දමා තිබුණි.
සැකකරු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මියගිය දැරියගේ මව පියා හා තවත් ඥාතීන් කීප දෙනෙකු ඉදිරියේ සැකකරුගෙන් ප්‍රශ්න කීපයක් විමසන ලද අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවා දායකයාව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියත් මේ මස 7 වෙනිදා දක්වා ඔහුව යළි බන්ධනාගාර ගත කරනු ලැබීය.
මේ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් සැකකරුට ඇප ඉල්ලා සිටි නීතිඥවරයාට එරෙහිව මන්නාරමේ කාන්තාවන් විරෝධතාවයක්ද දියත් කොට තිබුණි.