ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානය පරදවා කඩුළු 05ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් විය. අවසන් පූර්ව තරගයක් අවසන් මහා තරගයක උණුසුම ක්‍රීඩා ලෝලීන්ට දැනවූ අයුරු දුටුවෙමු.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
මේ තරගාවලියේ රිද්මය වෙනස් කළේ පකිස්තානු කණ්ඩායමය. ඔවුන් ඔවුන්ට ආවේනික විශිෂ්ට පිතිකරණයක් මේ තරගාවලියේ දී ලෝකයට ප්‍රදර්ශනය කළේය.
ආරම්භක පිතිකරු යුවල වූ මෙහොමඩ් රිස්වාන් සහ නායක බබාර අසාම් පළමු කඩුල්ල සඳහා මනරම් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. මොහොමඩ් රිස්වාන් ආකර්ෂණීය ලකුණු 67ක් පන්දු 52ක දී ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 04ක් සමගිනි. බබාර් අසාම් ලකුණු 39ක් ලබා ගත්තේය. ඒ පන්දු 34ක දීය.
ෆකාර් සමාන් විශිෂ්ට පිතිකරණයක යෙදුනේය. පන්දු 32ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර තුනක් සමගින් ඔහු ලකුණු 55ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටාක් ලකුණු 38 කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 30කට කඩුල්ලක් හා ඇඩම් සම්සා ලකුණු 22කට කඩුල්ලක් ලබා ගත්තේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 176ක තියුණු ඉලක්කයක් හිමි වී තිබිණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 19ක දී ලකුණු 177 ඉලක්කය පසු කළේය.
ඒ තරගය තිබුණේ පාකිස්ථානය අතේය. ඕවර් 12 පන්දු 02ක් යනවිට ඕට්‍රේලියානු කඩුළු 5ක් ලකුණු 96කට දැවී ගොස් තිබිණි. ෂඩාබ් ඛාන් විශිෂ්ට පන්දු යැවීමක් සහිතව ලකුණු 26කට කඩුළු 04ක් දවා ගත්තේය. සමස්ථයක් ලෙස මුල් කාර්තුවේ පාකිස්ථානුවන් මැනවින් පන්දුය යවමින් සිටියහ. මුල් පිතිකරුවන් 05 දෙනා අතරින් සාර්ථක වූයේ ඩේවිඩ් වෝනර් පමනි. ඔහු පන්දු 30කට ලකුනු 49ක් රැස් කළේය.
මිචෙල් මාෂ් පන්දු 22ක දී ලකුණු 28ක් රැස් කරගෙන තිබිනි.
එහෙත් පන්දු 17 ක දී ලකුණු 41ක් ලබා ගත් මැතිව් වේඩ් සහ පන්දු 31ක දී ලකුණු 40ක් ලබා ගත් මාකස් ස්ටොයිනිස් තරගය මුලුමනින්ම කණපිට හැරෙව්වේය.
හයවන කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 81ක සබඳතාවය බිඳ දැමීමේ අවස්ථා තුනක් පකිස්ථානුවන් අතින් ගිලිහී ගියේය. දුවද්දී දැවී යෑම් දෙකක් අතහැරිනි. අවසාන මොහොතේ මැතිව් වේඩ් දුන් අපහසු නැති උඩපන්දුව හසන් අලි අතහැරියේය.
ආසියාවේ අවසන් බලාපොරොත්තුව ඒ ගිලිහී ගිය උඩපන්දුවේ තිබුණු බව පෙනුණේ ඉන් අනතුරුව හයේ පහර තුනක් සමග මැතිව් වේඩ් තරගය අවසන් කරනු දකින විටය.
ඔස්ට්‍රේලියානුවො අවසන් මහා තරගයට අවසන් මොහෝතේ විශිෂ්ට ලෙස ප්රවිශ්ඨ වූයේය.







