අද 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත දිනය ය.
අද (12) පස්වරු 02ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේය.
ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි අය වැය ය. මේ රටේ 76 වැනි අය වැය ය.
පසුගිය ඔක්තොම්බර් 07 දා විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. හෙට (13) සිට ලබන 22 දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙනු ඇත.
දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළ මහජන ගැලරිය මහජනතාවට විවෘත නැත. රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව ලබා දී තිබේ.







