දිනසේන රතුගමගේ –
කින්නියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය සිසුන් සිහිපත්කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරවමින් ආගමික වතාවත් රැසක් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් කීපයක 25 දා උදෑසන සංවිධානය කොට තිබුණි.
අධික වර්ෂාව මධ්‍යයේ පාසල් පැමිණි සිසුන් මල් පහන් පූජා කොට ඉටිපන්දම් දල්වමින් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කරමින් මියගිය සිසුන්ට මෝක්ෂය ප්‍රාර්ථනා කළ අතර තුවාල ලබා සිටින පිරිසට සුවයද ප්‍රාර්ථනා කළහ.
මේ අවස්ථාවට එම පාසල් වල සිසුන් හා ගුරුවරුද සහභාගී වී සිටියහ.