දිනසේන රතුගමගේ –
මුලතිව් දකුණු වෙරලේ තිරුක්කායී ප්‍රදේශයේ ධීවරයින්ගේ දැලකට මඩු වර්ගයේ මසුන් කිලෝ 8000 ක් පමණ 9 දා උදෑසන හසු වී තිබේ.
මෙම මඩු මාලුන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 75 ක් පමණ වන අතර දහවල් එම මත්ස්‍ය තොගය රුපියල් හැට ලක්ෂයකට වෙන්දේසී වී තිබේ.

වෙන්දේසියේදී මසුන් තොගය මිලට ගෙන ඇත්තේ දකුණේ සිට මාලු මිලදී ගැනීමට ගිය ව්‍යාපාරිකයින් පස් දෙනෙකු විසිනි .
ධීවරයින්ගේ දැලට එම මඩු මාලු කිලෝ 8000 ක පමණ ප්‍රමාණය හසු වීමෙන් පසුව දැල ගොඩට ඇදීමට මුලු වෙරලේම ධීවරයින් ගොස් ඇතත් ඔවුන්ට එය කර ගැනීමට නොහැකි වී තිබේ.
පසුව පළාතේ ටැක්ටර් හතරක් මුහුදු වෙරලට රැගෙන ගොස් දැල ටැක්ටරයේ ගැට ගසා මාලු දැල ගොඩට ඇද තිබේ.
මුලතිව් ධීවරයින්ට රුපියල් ලක්ෂ වීසි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් මසුන් තොගයක් එක් දිනයකදී හමු වී ඇත්තේ වසර හතරකට පමණ පසුව බව මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කළහ.







