අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 ජනවාරි 23 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලයේ දී සැලසුම් කළ විදුලි කප්පාදුව දිනය පුරාම සිදුකිරීමෙන් වලකින්නැයි ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සහ විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
විදුලි කප්පාදුවෙන් බැහැර වීමෙන් විභාගයට සූදානම් වන සිසුන්ට තම අධ්‍යාපන අයිතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවන බව කොමිසම පවසයි.
උසස් පෙළ විභාග කාල සීමාව තුළ පවතින විදුලි කප්පාදු කාල සටහන පිළිබඳ පසුගිය දිනවල පළ වූ පුවත් නිවේදනයට අදාළව මෙම නිවේදනය නිකුත් කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා සිටියේය. .