සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපුල් තරංගට, මහරුෆ්ට, ධම්මික ප්‍රසාද්ට ජීවන් මෙන්ඩිස්ට නායකත්වය දුන් අතීත ක්‍රිකට් තරුව – වෙඩි තබා ඝාතනය කළ් ධම්මික නිරෝෂන් ගැන නොදත් කතාව!

by editor
ජූලි 17, 2024
in පුවත්
Dhammika-Niroshan

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ පළමු ඛාන්ඩය නියෝජනය කරමින් ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර 2002 ජනවාරි මස 31 දින ක්‍රිස්ට්චර්ච්හි පැවති තරගයේ ධම්මික නිරෝෂන් ඇල්සින්ඩර් හෝල්ඩර්ට පන්දු යැවූ අවස්ථාව... ඔහු එම තරගය නිමා කරන්නේ පන්දු ඔවර 10 තුළ ලකුණු 36ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුළු 03ක් බිඳ හෙළමිනි.

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය-

ධම්මික නිරෝෂන් ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළේය. ඔහු අපට මතක කාලයේ දිදුලන ක්‍රිකට් තරුවකි. 2002 අවුරුද්දේ 19න් පහළ ශ්‍රී ලංකා  කණ්ඩායමේ නායකයා ධම්මිකය. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලීය කණ්ඩායමේ නාකයා ඔහුය. ඔහු දකුණතින් වේග පන්දු යැවූ කදිම පෞරුෂයක් සහිත අපූරු ක්‍රීඩකයෙක් බවත් ක්‍රිකට් අනාගතය සම්බන්ධ සුබ ලකුණු පෙන්වූ තරුණයෙක් බවත් මතකයේ තිබිණි.

ධම්මික ගැන විශේෂ මතකයක් දකුණේ අපට තිබේ. ඔහුගේ අයියාත් අම්බලන්ගොඩ ක්‍රිකට් තරුවකි. ඔහුත් දේවානන්ද විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළේය. ධම්මිකගේ අයියාත් වේගපන්දු යවන්නෙකි. ඔවුන් දෙදෙනා ඒකම කණ්ඩායමේ ක්‍රීඩා කරන විට අයියා එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ අතර මල්ලී අනෙක් අන්තයෙන් පන්දු යැව්වේය.

ධම්මික නිරෝෂණ 2002 වනවිට ජාතික තලයේ සිටි විශිෂ්ඨ යෞවනයෙකි. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 19න් පහළ ශ්‍රි ලංකා  කණ්ඩායමේ නායකත්වය දරන විට ඔහුගේ උප නායකයා ජීවන් මෙන්ඩිස්ය. උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ෆර්වීස් මහරුෆ්, ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ය. ජාත්‍යාන්තර තරග ගණනාවක් ඔහුගේ නායකත්වය යටතේ තරංගලා, මහරුෆ්ලා ධම්මික ප්‍රසාද්ලා ක්‍රීඩා කළහ.

ධම්මික නිරෝෂන්ගේ නායකත්වයෙන් යුතුව 2002 වසරේ නවසීලන්ත සංචාරයක යෙදුනු 19න් පහළ ශ්‍රී ලංකා ‌ක්‍රිකට් කණ්ඩායම…

ඒහෙත් ධම්මිකට ජාතික තලය නියෝජනය කිරීමේ අවස්ථාවක් නොලැබිනි. නමුත් ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. ධම්මික අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කළේය. ගාල්ල ක්‍රිකට් සමාජය සහ චිලව් මේරියන්ස් කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු පළමු පෙළ තරග 12කට ක්‍රීඩා කළේය. ඉනිම 19ක දී ලකුණු 269ක් ලැබුවේය. ඔහුගේ පළමු පෙළ හොඳම පිතිකරණ දක්ෂතා ප්‍රකට වන්නේ සීසීසී ක්‍රීඩා සමාජය සහ ඔහු නියෝජනය කළ ගාල්ල ක්‍රිකට් සමාජය අතර 2004 නොවැම්බර් හි සීසීසී ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ය. ඔහු ඒහිදී නොදැවී ලකුණු 47ක් ලැබුවේය. එම වසරේම නොවැම්බර් මස කටුනායක ක්‍රීඩාංගනයේ දී රාගම සීසී කණ්ඩායම සමග පැවති තරගයේ දී ධම්මික ගාලු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු ඉනිමේ දී ලකුණු 33ට කඩුළු 04ක් බිඳහෙලුවේය.

පළමු පෙළ ක්‍රිඩා සමාජ අතර එක්දින තරග 08කට ඔහු ක්‍රීඩා කර තිබිණි. කෙසේ වෙතත් එක්තරා අවස්ථාවක ඔහුට ජීවිතය ගිලිහී ගොස් තිබිණි. ඒ් වැරදුන තැන කොතැනදැයි අපට තවමත් වැටහීමක් නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධම්මික නිරෝෂන්
තරුණ ධම්මික නිරෝෂන්

ඔහුට ක්‍රිකට් මගහැරුණු විට ඩුබායි රටට ගොස් තිබිණි. එහි සිට පැමිණි ධම්මික යළිත් ඩුබායි බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් පසුවිය. ඔහු සමග සමකාලීන ක්‍රිකට් ක්‍රීඩා කළ උපුල් තරංග අද ජාතික තේරීම් කමිටුවේ සභාපතිය. ජිවන් මෙන්ඩිස් ද එතැනය. මහරුෆ් ජාත්‍යාන්තර විස්තර විචාරකයෙකි. ඔහු චිලව් මේරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ ඔහුගේ නායකයා වූ රුචිර පල්ලියගුරුගේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකි.

එහෙත් තවමත් හේතුව නොදන්නා කාරණයකට 41 හැවිරිදි ධම්මික නිරෝෂණ ඊයේ රාත්‍රියේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි. බලපිටිය රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් තිබුණු බව වාර්තා විය. මේ පසුපස යම් පාතාල කෝන්තරයක් වී දැයි විමර්ශන අංශ සැක පහළ කරමින් ඇත. පොලිසිය පවසන්නේ ධම්මිකට අපරාධ චෝදනා කිසිවක්  නොවූ බවය.

ධම්මික නිරෝෂන්

දැනට වාර්තාවන පරිදි ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වීමේ අරමුණ සහිතව ඔහු නිවසින් එළියට බැස තිබුණේ සැක කටයුතු පුද්ගලයෙක් නිවස අසල රැඳී සිටින බවට නිවැසියන් ඔහුව දැනුම්වත් කර තිබිය දී ය. මරණ තර්ජනයක් සම්බන්ධ විශේෂ බියක් ඔහුට තිබුණේ නම් මේ ගමන යන්නට එළියට බහින්නේ නැත.

නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩික්කරු පළපුරුදු ඝාතකයෙක් බවට ඉදිරිපත්වන සාක්ෂික අනුව පෙනී ගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි. . යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් යතුරුපැදිය මග නවත්වා තබා ඝාතනය කර පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

දැනට මාධ්‍ය ඔස්තාර්ලා මරා දැමූ ධම්මික නිරෝෂණ පෙට්ටියෙන් එළියට ඇද යළිත් මරා දමන නිගමන සහිත සහතික නොදී මේ විමර්ශන ඉදිරියට කරගෙන යන ආකාරය පිළිබඳ සංයමයකින් තොරතුරු වාර්තා කිරීම පමණක් සිදුකරන්නේ නම් මේ ඝාතනයට සංවේදී වූ සියලු දෙනාටම පහසුය.

අප දන්නේ ධම්මික නිරෝෂන් ගැන කතාව මෙසේ නිමා වන්නට තිබුණු ඒකක් නොවන බවය. අම්බලන්ගොඩ දේවානන්ද වැනි පාසලකින් මතුවී ජාතික තලයේ නායකත්වයක් දීමට තරම් විශිෂ්ටත්වයක් පෙන්වූ තරුණයෙකුගේ ජීවිතය කෙළවර වුන තැන විමසීම සමාජය පිළිබඳ කරන ශාස්ත්‍රීය අධ්‍යයනයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ තුන්වන අදියරේ කැණිම් නිමා කරයි! පුද්ගලයින් 52ක් ගේ ඇට සැකිලි හමුවෙයි!

Next Post

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට ඔන් ලයින් ක්‍රමවේදයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.