එල්.පී.එල් තරගාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩකයින් රැඳී සිටින උණවටුන අරලිය හෝටලය වෙත විශාල බස්රථ සහ බර වාහන ඇතුළු කිරීම නිසා සංචාරක පුරවරය අවහිර වීම සබන්ධව උණවටුන සංචාරක ව්‍යාපාරිකයෝ අද (19)දැඩි විරෝධය පළ කර සිටියහ.
උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින් සමග පොලීසිය අද (19) උනවටුන අමරසිංහ ආරාමයේදී කැඳවා තිබූ රැස්වීම මෙම තත්වයත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එල්.පී.එල් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩකයින් උනවටුන අරලිය හෝටලයේ ලැගුම් ගෙන සිටින අතර මෙම බස් රථ ගමන් ගන්නා කාල සීමාවේ උණවටුන සංචාරක පුරවරය අවහිර වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයෝ ඊට විරෝධය පළ කර සිටියහ.
මෙම තත්වයත් සමග අද පෙරවරු නමයට පොලිසිය විසින් අදාළ හෝටලයේ පාලනාධිකාරියට සහ ගම්වාසීන් සංචාරක ව්‍යාපාරිකයින් උණවටුනේ අමරසිංහ ආරාමයට කැඳවා තිබුණි. 
මෙම අවස්ථාවේදී සංචාරක ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නේ තමන් තරගාවලියට හෝ ක්‍රීඩකයින්ට විරෝධයක් නොදක්වන නමුත් කලක් තිස්සේ අඩපණව පැවති උණවටුනේ සංචාරක ව්‍යාපාර ආරම්භ වීමත් සමඟම සංචාරකයින්ට බාධා වන පරිදි මෙසේ පොලිසිය සහ ආරක්ෂක අංශ යොදවා ගනිමින් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරනු ලබන තමන්ට අවහිරතා ඇති කිරීම සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළ කරන බවයි .
මෙම සාකච්ඡාව සඳහා හබරාදුව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න ගාල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම සාකච්ඡාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගනු ලැබූ අතර දෙපාර්ශවය අදාල ක්‍රිකට් තරගය අවසන් වන තුරු පමණක් උණවටුන සංචාරක පුරවරයට විශාල බස්රථ බර වාහන ඇතුළු කිරීමට ඉඩ දීමට එකඟතාවය පළකර සිටියහ.







