පසුගිය 15 වැනිදා යාපනයේ පේදුරු තුඩුවෙන් සිය උතුරේ සංචාරය ආරම්භ කළ චීන තානාපති කී සෙන් හොං පේදුරුතුඩුව සාක්කොට්ටෙයි තුඩුවේ දී ඩ්‍රෝන යානාවක් යවා සාගර පරිශ්‍රය නිරීක්ෂණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව එහිදී තානාපතිවරයා එතැන සිට පේදුරුතුඩුවට ඇති දුර පිළිබඳව හමුදා නිලධාරියෙකුගෙන් විමසා තිබේ.
හමුදා නිලධාරියා පවසා ඇත්තේ එතැන සිට ඉන්දියාවට ඇති දුර කිලෝමීටර 30ක් බවය.
පේදුරුතුඩුවෙන් මෙම සංචාරය ආරම්භ කළ තානාපතිවරයා ඇතුළු පිරිස 16 දා යාපනයේ අරියාලෙයි චීන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානය නිරීක්ෂණය කර ධීවරයින්ට ආම්පන්න බෙදා දීමක් සිදුකර තිබිනි. ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා ඒ අවස්ථාවට එක් වී සිටියේය. ඓතිහාසික නල්ලූර් කොවිල, වන්දනා කළේය. 17 දා මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරය කර ආදම්ගේ පාලම ඇතුළු වැදගත් ස්ථාන නිරික්ෂණය කර තිබිණි.