දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා කිළිනොච්චියේ ඉරණතීව් දූපත් ප්‍රදේශ අසල මුහුදු තීරයට පැමිණ මසුන් මැරීමට පටන් ගැනීමත් සමගම කිළිනොච්චියේ ධීවරයින් ඉන්දීය රජයට අත්සන් ලක්ෂයක පෙත්සමක් යැවීමට ඊයේ (2) පියවර ගෙන තිබේ.
මෙතෙක් ඉන්දීය ධීවරයින්ගේ දැඩි ආක්‍රමණයකට ලක් වීමට සිදු වූයේ යාපනයේ ධීවරයින්ට පමණක් වූ අතර කිළිනොච්චියේ ධීවරයින්ටද එම ප්රශ්නයේ බලපෑමත් සමගම එම පළාතේ ධීවරයින් ඉන්දීය ධීවරයින්ට විරෝධය පල කිරීමට පටන් ගෙන තිබේ.
කිළිනොච්චියේ ධීවරයන් ප්‍රකාශ කළේ ඉන්දීය ධීවරයින්ට විරෝධය දැක්වීමේ පලමු පියවර වශයෙන් ඉන්දීය රජයට අත්සන් ලක්ෂයක පෙත්සමක් ඉදිරිපත් කරන බවයි.
එම පෙත්සමේ පිටපත් ශ්‍රී ලංකා රජයට හා ධීවර අමාත්‍යවරයාට බාර දී ඉන් සහනයක් බලාපොරොත්තු වන බව කිලිනොච්චියේ ධීවරයෝ වැඩි දුරටත් කියා සිටියහ.