දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි වෘත්තීය කිමිදුම් කරුවෙක් කිඹුල් ප්‍රහාරයකට ලක් වී මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ මෙම 58 හැවිරිදි කිමිදුම් කරුවා අතරමගදී මියගොස් තිබේ.
අත්තිඩිය වනජීවි නිලධාරීන් මෙම කරදිය කිඹුලා සොයා විශේෂ මෙහෙයුම් අරඹා තිබේ.
මෙම කිඹුලා ගැට කිඹුලෙක් බවත්, ගැටකිඹුලාට කරදියෙහිත් ජීවත් විය හැකි බවත්, අවස්ථා ගණනාවක දී මේ කිඹුලා දෙහිවල මුහුද ආශ්‍රිතව වාර්තා වුණ බවත් මේ පිළිබඳව කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නයනක රන්වැල්ල ලංකාසරට පැවසීය.
අත්තිඩිය වගුරුබිමේ සිට පැමිණ වැල්ලවත්ත කුණු ඇලේ රැඳෙමින් ජීවත්වන බව සිතිය හැකි මේ ගැටකිඹුලා දෙහිවල මුහුදට ද පැමිණෙන බව පරිසරවේදීහු විශ්වාස කරති.