දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර පළාත් වල මහාධිකරණ විනිසුරුවරුන් ස්ථාන මාරු කිරීමට අනුව මේ මස 5 වෙනිදා සිට වවුනියාව නව මහාධිකරණ විනිසුරුවරයා ලෙස ජනතා ප්රසාදයට පත්ව සිටින මානික්කවාසගම් ඉලංචෙලියන් පත්කොට තිබේ.
ඉලන්චෙලියන් විනිසුරුවරයා වවුනියාව මහේස්ත්රාත්වරයා වශයෙන් කටයුතු කළ කාල වකවානුවේදී හා ඔහු යාපනය සහ ත්රිකුණාමළය පළාත්වල මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ කාලවලදී මහත් ආන්දෝලනයකට ලක් වූ නඩු විභාග රැසක තීන්දු ලබා දී තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල මහාධිකරණ විනිසුරුවරුන් හට මේ වසර සදහා ස්ථාන මාරු වීම් ලබා දීමේදී ත්රිකුණාමලයේ මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් ස්ථාන මාරු කොට ඇති අතර ත්රිකුණාමලයේ නව මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මඩකලපුවේ ඉපදුනු අභියාචනාධිකරණ විනිසුරු ඩෙනිස් චන්දන් සූසෙයිදාසන් පත් කොට තිබේ.
වවුනියාව මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යාපනය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට තිබේ.