බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇසේ සුද ඉවත් කරන්නට ගොස් බාල ඖෂධ නිසා සදාකාලික අන්ධ භාවයට පත් වින්දිතයෙක් කෙහෙළියගෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලයි!

by editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන්  භාවිත කරන දියර    ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු  තම ඇස්වලට වු හානියත්,    තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ  ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

වින්දිතයෙක් වු  ලක්වූ කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම්  ඉන්වික්ටස් නීතිඥ සමාගම හරහා   කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත,  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න. වෛද්‍ය විජිත් ගුනසේකර  , වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ,  වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමට එරෙහිව මෙම එන්තරවාසිය යොමු කර ඇත.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබේ.

ඉන්වික්ටස් නීතිඥ සමාගම ප්‍රකාශ කළේ තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.

නුවරඑළිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තම සේවාදායකයා 2023 අප්‍රේල් 06 වැනි දින අක්ෂි ශල්‍යකර්මයට භාජනය කළ බවත්.  ශල්‍යකර්මයෙන් පසු නිදහස් කළ සිය සේවාදායකයාට  Indiana Opthalmics LLP India විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නිර්දේශ කර  ප්‍රකෘතිමත් වීමේ සහ රැකවරණයෙන් පසු කොටසක් ලෙස රෝහල විසින් එම ඖෂධය ලබා දී ඇති බවත් නීති සමාගම ප්‍රකාශ කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එම අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, අපහසුතාව, වේදනාව සහ හිසරදය ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අනතුරුව 2023 මැයි මස 10 වැනිදා  ජාතික අක්ෂි රෝහලට ඇතුලත් කර  සිදුකළ  වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව හෙළි වූයේ සැත්කමෙන් පසු කළ ප්‍රතිකාර සඳහා   එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් භාවිතා කිරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බවය.  එම තත්ත්වය වින්දිතයා ද නිරීක්ෂණය කර තිබුණ බව නීතිඥ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් වෛද්‍ය නිර්දේශ වී යැයි පෙත්සම් කරු ප්‍රකාශ කර ඇත.

“මෙම ඉල්ලුමේ දිනය වන විට, අපගේ සේවාදායකයා සැත්කම් කර ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කළ  එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි දියර භාවිතා කිරීමෙන්     ඇස සම්පූර්ණයෙන්ම අන්ධව සිටින බව ප්‍රකාශ කරන ලෙස  අපට උපදෙස් දීලා තියනවා…” නීතිඥ සමාගම පවසයි.

“, මෙම අන්ධභාවය හේතුවෙන් අපගේ සේවාදායකයා ඔහුගේ එදිනෙදා ජීවිතයේදී වැඩකටයුතු වලදී  බොහෝ දුෂ්කරතා සහ අපහසුතාවලට  මුහුණ දෙන බව අප ප්‍රකාශ කරමු. 2023.04.05 දින ශල්‍යකර්මයට පෙර   අපගේ සේවාදායකය රුපියල් හැත්තෑ දහසක මාසික ආදායමක් ඉපැයූ ගොවියෙකි. මේ වනවිට ඔහුගේ අන්ධභාවය සහ ආබාධිත භාවය නිසා ඔහුට ඔහුගේ එදිනෙදා කටයුතුවල යෙදිමට නොහැකි වී ඇත.”

ඉන්වික්ටස් නිතී සමාගම වැඩිදුරටත් දන්වා ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිර දඬුවම් විඳින ඥානසාර හිමිට ජම්පරයට සමාන ඇඳුමක් අන්දවයි!

Next Post

ලෝක ආර්ථික සංසදය තරුණ ගෝලීය නායකයෙක් ලෙස ජිවන් තොණ්ඩමන්ව තොරා ගනී…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.