බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ගේ සල්ලාල පුතා ඩොලර් මිලියන 1.4ක බදු වංචාවකට වරද පිළිගනී… අවුරුදු 17කට හිරේ යන වරදක්… නීතිවේදීහු කියති!

by editor
සැප්තැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ පුත් හන්ටර් බිඩෙන් පෙරේදා (05) ෆෙඩරල් බදු වංචා 09ක් පිළිබඳවූ චෝදනාවලට වරද පිළිගත්තේය,

ඔහු වරද පිළිගත්තේ සිය දැවැන්ත ඉපයීම්වල මුදල් මත්ද්‍රව්‍ය, ලිංගික ශ්‍රමිකයන් සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අධික ලෙස වියදම් කරන අතර 2016 සිට 2019 දක්වා වර්ෂවල ඩොලර් මිලියන 1.4 ක නීත්‍යානුකූල බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳ සාපරාධී චෝදනා මත ලොස් ඇන්ජලීස් ෆෙඩරල් උසාවියක නඩු විභාගයට මුහුණ දෙමිනි.

එහිදී විනිසුරුවරයා හන්ටර් බිඩෙන්ට පැවසුවේ ඔහුට වසර 17 ක සිරදඬුවමක් සහ ඩොලර් 450,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවය. ජනාධිපති පුත්‍රයා සම්බන්ධ දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනිදාට යෙදී ඇත්තේය.

අපරාධ නඩු වලදී වරද පිළිගන්නා විත්තිකරුවන් නඩු විභාගයකින් වැළකී අඩු දඬුවමක් ලැබීමේ බලාපොරොත්තුවෙන් සාමාන්‍යයෙන් නඩු පවරන්නන් සමඟ කලින් ගිවිසුමක් ඇති කර ගනී,

මෙහි එවැන්නක් පෙනෙන්නට තිබුණේ නැත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

නඩු විභාගය ආරම්භ වීමට පෙර දිනයේදී, බිඩෙන් චෝදනාවලට වරද පිළිගැනීමට ඉදිරිපත් වූ නමුත් ඔහු එතෙක් වැරදි පිළිගැනීමෙන් වැළකී සිටියේය. බිඩෙන්ගේ නීතීඥ ඇබේ ලෝවෙල් විනිසුරුවරයාට පැවසුවේ ඔහුගේ දඬුවම ලිහිල් කරගැනීමට නඩු පවරන්නන් සමඟ පූර්ව එකඟතාවයක් නොතිබුණද ඔහු වරද පිළිගන්නා බවයි.

හන්ටර් බිඩෙන් කියා ඇත්තේ තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාලයට අදාල ඔහුගේ ජීවිතයේ යම් කාල පරිච්ඡේදයක අවුල් සහගත තොරතුරු හෙළි විය හැකි නඩු විභාගයකට පෙනී සිටීමෙන් තම පවුල බේරා ගැනීමට තමන් වරද පිළිගත් බවය.

“වසර ගණනාවක් තිස්සේ ඔවුන් මා උදෙසා දරාගත් සියල්ල සඳහා, මට මෙය ඔවුන්ට ඉතිරි කළ හැකිය,” ඔහු පැවසීය. තමන් බදු මුදල් ආපසු ගෙවා ඇති බවද ඔහු පැවසීය.

හන්ටර් බිඩෙන් ගේ නීතිඥවරයින් පැවසුවේ හන්ටර් තමන්ගේ දඬුවමට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවය.

කෙසේ වෙතත් හන්ටර් බිඩෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස තුවක්කුවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ තීන්දුවකට ඔහු අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම නඩුවේ වරදකරු වුවහොත් බදු නඩුව සඳහා ඔහුට දැඩි දඬුවමකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවය., මන්ද ඔහු නැවත නැවතත් වැරදිකරුවෙකු වීම හේතුවෙනි.

ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති බිඩෙන් තම පුතාට සමාව දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඇමරිකාවේ ඡන්ද සටන ප්‍රබලවම පවතින අවස්ථාවක හන්ටර් බිඩෙන් ස්වකීය වරද පිළිගැනීම නඩු විභාගයක් තුළ මතුවන අනවශ්‍ය සංවාදය වළක්වා ගැනීමට කළ උත්සාහයක් ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තණමල්විල ජාතික පාසලේ තවත් දැරියක දූෂණය කළ සිද්ධියක් හෙළි වෙයි… 08 වසරේ දැරිය රෝහලට… 11 වසරේ සිසුවෙක් අත් අඩංගුවට…

Next Post

රනිල් අනුර එක්ක ඩීල් එකක… ඔවුන්ට ඡන්දෙ දීලා ඡන්ද අපතේ යවා ගන්න එපා… සජිත් තමන්ට විතරක් ඡන්දය ඉල්ලයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.