-
නාමල්ලා ඇමතිකම් ඉල්ලති…ඉන්න ඇමතිවරු පස් දෙනෙක් ඇමති ධූර යටතේ ඇති කප්පාදුවට විරුද්ධ වෙති.
-
බන්දුලගෙන් කෙලින්ම විරෝධය… කෑලි ගලවනවාට රොෂාන් රණසිංහ, කෙහෙළිය සහ නිමල් සිරිපාලත් විරෝධය පල කරති…
නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සඳහා මේ වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබුණද දැනට විෂය පවරා ඇති අමාත්‍යවරුන් කිහිප දෙනකු අත පවතින විෂය පථ යළි ලබා දීම ට අකැමත්ත පළ කිරීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව බන්දුල ගුණවර්ධන වෛද්‍ය රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ද සිල්වා කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගේ විෂය පථ වෙනස් කිරීම පිළිබඳව යෝජනා කර ඇතත් මේ වනවිටත් ඔවුන් තමන් වෙත ලබා දී ඇති අමාත්‍ය ධුර කප්පාදුවට කැමැත්තක් දක්වා නැතැයි මෙම ආරංචි මාර්ග සඳහන් නරයි.
ඊයේ (06) දිනයේද පොදු ජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහි දෙනකු ජනාධිපතිවරයා හමුවී නව අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා ඇති අතර මෙය ප්‍රමාද කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සිය දැඩි අප්‍රසාදය පලකර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා හමුවීමට මන්ත්‍රිවරුන් යන අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම ස්ථානයේ සිට ඇති අතර අදාළ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අමාත්‍ය තනතුරු පිළිබඳව කතා කිරීමට බව ඉවෙන් මෙන් දැනගත් අමාත්‍යවරයා තමන්ගෙන් මහා මාර්ග විෂය පථය ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඉදිරියේදී ඒ වෙනුවෙන් තමන්ට හොඳ වැඩපිළිවෙළක් පවතින බව බව ද ඔහු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහා මාර්ග අමාත්‍ය ධුරය ජොන්ස්ටන් ප්‍රනාන්ටත් වරාය සහ නාවික අමාත්‍ය ධුරය රෝහිත අබේගුණවර්ධනටත් තරුණ සහ ක්‍රීඩ අමාත්‍ය ධුරය තමන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය







