fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෝජකයින්ට ඇඳගෙන රටම වනසන චීන අපරාධ මාෆියාව!

editor by editor
සැප්තැම්බර් 1, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

දිනය පසුගිය 19 වැනිදාය. ඇසුනේ රටම කම්පනය වන පුවතකි. යන්න අතක් නැතිව බංකොලොත් වී සිටින රටක ජීවත් වෙමින් අප ගොඩයන්න සැලසුම් කරන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ ආර්ථිකයකිනි. විදෙස් ආයෝජන සම්බන්ධව අප්‍රමාණ බලාපොරොත්තු සහිතව සැලසුම්වන ආර්ථිකයකිනි.

එවැනි පසුබිමක කොළඹ 08 බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ සුපිරි ධනවතුන් වෙසෙන ජනාවාස භූමියක චීන ජාතික ව්‍යාපාරිකයෙක් කොල්ල කන්නේය. ඒ නිවසට ඇතුළු වූ කොල්ල කරුවන් පිරිසක් විසිනි.

19 දා රාත්‍රියේ තම නිවසට පැන  කෝටි හතරකට ආසන්න වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවට බොරැල්ල පොලිසියට පසුගිය 20 දා අලුයම පැමිණිලි කරන්නේ වින්දිත චීන ජාතිකයා විසින්මය.

RelatedPosts

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

ඔහු පොලිසියට කියන්නේ  ඔහු  කොළඹ වරාය නගරයේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෙක් බවය.  ඔහුගේ නම    Su Zu Qing ය. වයස අවුරුදු    38 කි.    20 දා අලුයම  පොලිසියට පැමිණිලි කරමින් දන්වා සිටියේ   19 දා රාත්‍රී කාලයේ දී නිවසට කඩා වැදුන කොල්ලකරුවන් තිදෙනෙක්  කෝටි හතරකට ආසන්න දේපල සහ වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවය.

බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනා තමන්ටත් , තම භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා   අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්, ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද,  ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්,  සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකෑ බවට මෙම චීන ජාතිකයා පැමිණිලි කර තිබුණේය.

බොරුව හෙළි වීම.

මේ සම්බන්ධයෙන් කොළඔ කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන දැනුවත්වීමෙන් පසු විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුමැතිය ලබා දුන්නේය.  ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භයේ දී මේ පැමිණිල්ලේ ගැටලු සහගත ස්ථාන රාශියක් විමර්ශකයන්ගේ අවධානයට ලක් වූයේය. වඩාත්ම අවධානයට ලක් වූ කාරණයක් තිබිණි. කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන  KDH වෑන් රථය අතරමග දි හමුවීමත් සමගය.

වෑන් රථය හමුවූයේ  දියත උයන ආසන්නයේදී ය.   රථය ගාල්කර තිබූ ආකාරය දෙස විමසිලිමත්ව බැලීමේදී මෙම සොරකමට එහි රියැදුරු  සම්බන්ධවී ඇති බවට පොලිසියට සැක පහළ වූයේය.

විමර්ශකයින් මුලින්ම රියදුරු අත් අඩංගුවට ගත්තේය. ඔහුගෙන්  වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ  චීන ජාතිකයා විසින්ම මංකොල්ලය සැලසුම් කර තමන්ගේ කොටස සඳහා ලක්‍ෂ 15 ක මුදලක් දී ලබා දුන් බවය.

පරීක්ෂණ කරගෙන යනවිට විමර්ශකයින්ට හෙළි වූයේ   කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතවන බව කී මෙම චීන ජාතිකයා එවැනි ආයෝජකයෙක් නොව, ජාත්‍යාන්තර පිරමීඩ ජාවාරමක නිරතවන පුද්ගලයෙක් බවය.

චීනා  විසින් පිටපතකට අනුව බොරු පැමිණිල්ලක් කරන්නේ කැසිනෝ සූදුවට ගොස් පිරමීඩ ජාවාරමින් රැස් කරගත්   කෝටි ගණනක මුදල් පරාජය වීම සිය හවුල්කරුවන්ගෙන්  වසන් කරගැනීමට    බව ද  විමර්ශකයින් හෙළි කරගත්තේය.  අනතුරුව බොරු පැමිණිලිකාර චීනා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශකයින්ගේ අත් අඩංගුවට පත් විය.

අනතුරුව  තවත් මහල් නිවසක   රැඳෙමින් ජාවාරම් කළ චීන ජාතිකයකු නීති විරෝධී දුම්වැටි 30,000 ක්, දුරකථන 23 ක්, ලැප්ටොප් පරිගණක 7 ක්, සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේය.

ප්‍රශ්න කිරීමේදී වෑන් රථය දියත උයන ආසන්නයේ නවතා, කොල්ලයට සම්බන්ධ කරගෙන සිටි  ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු   වෑන් රථයේ රියැදුරුගේ ඥාති සහෝදරයකු රැගෙන පැමිණි කැබ් රථයකින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇරලවා ඇති බව  හෙළි වූයේය. එම කැබ් රථය සහ එහි රියැදුරුද විමර්ශකයින් විසින් අත් අඩංගුවට  ගත්තේය. මොවුන් දෙදෙනා රියදුරන් ලෙස පමණක් සේවය කර ඇති බවත් අනාවරණය  විය.

රට හොර තිප්පලක් කළ චීන්නුගේ මගඩිය

මෙම චීනා විසින් මෙහෙයවමින් සිටි  ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමට  චීන ජාතිකයන්  4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට  ඇතැයි මේ වනවිට  පොලිසිය සැක කරන්නේය. ජාවාරමේ මුදල්  ලංකාවේ රැඳුනේත් නැත. ඒවා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙන ගොස්  නැවතී ඇත්තේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව,  සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් ගෙන්  ඩොලර් 100, 200 වැනි තැන්පතු සඳහා ප්‍රතිලාභ ලබාදී ඩොලර්  10,000 ක් වැනි මුදලක් තැන්පත් වීමෙන් පසු ඒවාට ප්‍රතිලාභ නොගෙවා එම මුදල් වංචාකර ඇති බව හෙළිකර ගෙන තිබේ.

සැකකාර චීන ජාතිකයා වරාය නගරයේ ආයෝජකයකු  ලෙස පෙනී සිටිමින් කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණ 7කින්  නිවාස 8 ක් ලබාගෙන ඇත. අනතුරුව චීන ජාතිකයන් එහි රඳවා මෙම  ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ.   පොලිසිය එම නිවාස වැටලීමට යනවිටත් එහි ඉබි යතුරු දමා පරිගණක ද රැගෙන  චීන ජාතිකයන්  පළාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එක් නිවසක පෞද්ගලික ආරක්‍ෂක  නිලධාරියා ගෙන් විමසීමේදී වැටලීමට මොහොතකට පෙර  චීන ජාතිකයන් 27 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බව ද  හෙළි වූයේය.

මොහු යටතේ ඍජුව මෙම ජාවාරම හා බැඳුණු චීන්නුන්  300කට වැඩි   පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම  ජාවාරමට සම්බන්ධ වී ඇති පිරිස ජාවාරමෙන් උපයාගන්නා මුදල් ජංගම දුරකථන හරහා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙනගොස් ඇති බවත් පොලිසිය විසින්  හෙළිකර ගෙන තිබිණි.

මෙම ජාවාරමට ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන නැත්තේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබුණහොත් ජාවාරම දීර්ඝ කාලයක් කරගෙන යෑමට නොහැකි වීම නිසා බව ද හෙළිකර ගෙන ඇත.

රුපියල් ලක්‍ෂ 20 ක් 25 ක් වැනි මිල ගණන්වලට මාස දෙක  තුනක් මහල් නිවාසවල සිට එම ස්ථාන මාරුකරමින් ජාවාරම සිදුකර ඇති බව ද හෙළිකර ගෙන තිබේ.

ජාවාරම් කරුවන් රටින් පලා යමින් ද?

ප්‍රධාන චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමත් සමග අනෙකුත් සියලු චීන ජාතිකයන් දැනුවත් කිරීම සඳහා කිසියම් තාක්‍ෂණයක් භාවිත කරන්නට ඇති බවත් ස්ථාන කිහිපය වැටලීම් සිදුකිරීමේදී ඔවුන් සියලු දෙනා එම ස්ථානවලින් ඉවත්වීම නිසා එම සැකය මතුවන බවත් වැටලීම සිදුකළ විමර්ශන අංශ කීවේය.

මොවුන්ගේ ජාවාරම  සම්බන්ධයෙන් තොරතුරු පරිගණකවල සම්බන්ධ කර තිබෙන  බවත් ඒවා රැගෙන යෑම නිසා තොරතුරු සොයා ගැනීමට  බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවත් කී එම නිලධාරියා ඇතැම්  විට ජාවාරමට සම්බන්ධ පිරිස් රටින් පළාගොස් සහ පළායමින්  සිටිය හැකි බවත් කියා සිටියේය.

එම පිරිස පිළිබඳ තොරතුරු  නොමැති නිසා ගුවන් තහනමක් හෝ ලබා ගැනීමේ හැකියාවක්  නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හසන්ත මාරපන ගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරීවරුන්වන චානක අබේසිරිවර්ධන, කීර්තිසිංහගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අජිත් කුමාරෙ ගේ  මෙහෙයවීමෙන්  පරික්ෂණ පැවැත්වෙන්නේය. .

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අප අනාගත ආයෝජනවලින් ගොඩ යන්නට සුබ සිහින දකින්නේ මෙවැනි අලුගුත්තේරුවන් සහිත පරිසරයක බව  සිහි කරමින් මේ සටහන නිමා කරන්නේය.

Tags: නවතම
Share70Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ඇසට කඳුලක් එක් කළ… බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත පැටවුන්ගේ ක්‍රීඩා උළෙල…

Next Post

ඔන්න අපි දිනුම්!

RelatedPosts

කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!
පුවත්

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

ඔක්තෝබර් 3, 2023
හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි
පුවත්

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

ඔක්තෝබර් 3, 2023
හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…
පුවත්

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

ඔක්තෝබර් 3, 2023
Next Post
ඔන්න අපි දිනුම්!

ඔන්න අපි දිනුම්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

    196 shares
    Share 78 Tweet 49
  • රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

    193 shares
    Share 77 Tweet 48
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    228 shares
    Share 91 Tweet 57

නවතම ලිපි

කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

by editor
ඔක්තෝබර් 3, 2023
0

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

Ambulance

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලද   ගිලන් රථ රියදුරාගේ වැඩ තහනම්!

by editor
ඔක්තෝබර් 3, 2023
0

නවතම ලිපි

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

රබර් උණ්ඩ කතාව බොරුවක්… සීතාට වෙඩි තබා ඇත්තේ යකඩ උණ්ඩවලින්… යකඩ මූනිස්සම් 08ක් එක්ස් කිරණ පරීක්ෂණයෙන් සොයා ගනී…

by editor
ඔක්තෝබර් 3, 2023
0

dc

පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්…

by editor
ඔක්තෝබර් 3, 2023
0

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

by editor
ඔක්තෝබර් 3, 2023
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

by editor
ඔක්තෝබර් 3, 2023
0

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

ඔක්තෝබර් 3, 2023
හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

ඔක්තෝබර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!
  • තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!
  • හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.