බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුංගල්ල රියූ හෝටලය ඉදිරිපිට වෙඩි තැබිමේ සිද්ධියේ වෙඩික්කරු ආයුධ පෙන්නන යෑමේ දි වෙඩි කා මළ සිද්ධිය – STF එකට විරුද්ධ දැමූ නඩුව නිශ්ප්‍රභා වෙයි!

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

අහුන්ගල්ල රියූ සංචාරක හෝටලය ඉදිරිපිට දි මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ගිනි අවියක් පෙන්වීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි පහරින් මිය යෑමේ සිද්ධියට අදාලව පොලිස් විශේෂ කාර්යය බලකායට එරෙහි නඩුව නිශ්ප්‍රභා කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ අද (10) කටයුතු කළේය.

මෙම නඩුවේදී බොරු සාක්ෂි දීම යටතේ මෙම සංවිධානාත්මක අපරාධ කරුවන විශේෂ කාර්ය බලකාය හා වෙඩි හුවමාරුවෙන් මියගිය කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අයගේ අනියම් බිරිය වන නාඹටුන්න පියුමි වත්සලා නැමැති අයට එරෙහි 2049/2022 නඩුව 2025 මාර්තු 25 වන දින කැඳවීමටද මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය

මියගිය ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අය සඟවා තිබූ ගිනි අවිය රැගෙන එම ගිනි අවියෙන් වෙඩි තැබීමට තැත්කිරීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් තබන ලද වෙඩි පහරින් තුවාල ලබා බලපිටිය මූලික රෝහල ගෙනයන අතරතුරදී 2022 ඔක්තෝම්බර් 13 දින මියගොස් තිබිණ.

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය බණ්ඩරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගනය අසල කැලෑ රොදක් තුළ ගිනි අවිය පෙන්වීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී තිබේ. මෙසේ ඝාතනයට ලක් වූයේ තනමල් විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙකි. මේ සිද්ධිය සම්බන්ධ නඩුව බලපිටිය මහාධිකරණයේදී විභාග වෙමින් පවතින අතරතුර එහිදී මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් පොලිස් විශේෂය කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේට එරෙහිව සාක්ෂි ගොනුකර ඔහු විසින් තම ඥාතියා වෙඩි තබා මරා දැමූ බවට අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබා දුන් අතර මෙම නඩුව බලපිටියේ මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණි. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීති පතිවරයා විසින් ලිපියක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙහි කිසිදු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවයි. ඒ අනුව මෙම නඩුව අද (10) දින දක්වා කල් තබා තිබිණ.

අහුන්ගල්ල රියූ හෝටලය අසලදී 2022 ඔක්තෝම්බර් 12 දින දහවල් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඝාතනයට ලක් වූ අය සමග තවත් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන එවකට බළපිටිය මහේස්ත්‍රාත්වරයාගේ රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලදී. මෙසේ රැදවුම් නියෝග ලබා දුන් එක් සැකකරුවෙක් වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ කිළිනොච්චිය කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන් ගුණනෙත්තිගේ සුසන්ත කුමාර (41) නැමැති අයටය. මොහු මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිස් විමර්ශන වලදී තහවුරු වී තිබේ.

සැකකරු තමන්ට අයත් රාජකාරි ගිනි අවිය වන අංක 2612651 දරණ ටී -56 ගිනි අවිය මෙම වෙඩි තැබීම සදහා ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. සැකකරු සිය කිලිනොච්චිය යුද්ධ හමුදා කදවුරේ රාජකාරි වල නිරතව සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් 2022 ඔක්තෝම්බර් 16 දින අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලීසියට බාර දී තිබුණි.

අත් අඩංගුවට රැදවුම් නියෝ ලබා දුන් අනෙක් සැකකරු වන්නේ මීගහතැන්න පොලිස් වසමේ හල්තැටිවෙල, මීගහතැන්න ලිපිනයේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ සම්පත් ප්‍රියන්ත (42) නැමැති අයයි. මොහු අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් අධාර හා අනුබල ලබා දී තිබෙන බවද පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් 2022 ඔක්තෝම්බර් 15 අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද ප්‍රධානතම සැකකරුවා බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබූ අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අයයි. ඔහු බළපිටිය, බණ්ඩරවත්තේදී 2022 ඔක්තෝම්බර් 13 රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ විසින් තබන ලද වෙඩි තැබීමකදි මියගොස් තිබිණ. සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත්කර තිබෙන බවත් පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත් පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජීව අත් බෝම්බයද පොලීසියේ බාරයට ගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම සැකකරුවන් අහුන්ගල්ල, රියූ හෝටලය අසලදී 2022 ඔක්තෝම්බර් 12 දා දහවල් අහුන්ගල්ල, ගල්වෙහෙර පාරේ පදංචි ප්‍රදීප් කුමාර (40) නැමැති අයට වෙඩිතබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවට හදුනාගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. තුවාල ලැබූ අය ත්‍රීරෝද රථ රියැදුරෙකු වශයෙන් කටයුතු කරන බවත් මොහු අහුන්ගල්ල රියු සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථය තබාගෙන සිටින විටදී වෙඩි තැබීමට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

කොළඹ දෙසින් මෝටර් රථයකින් පැමිණි අයකු විසින් මෙම ත්‍රීරෝද රථ රියදුරාට වෙඩි තබා පලා ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටූවන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. ත්‍රීරෝද රථ රියදුරාගේ පාදයකට වෙඩි වැදී තිබූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම වෙඩි තැබීම වැරදීමකින් සිදු වූවක් බවද ත්‍රීරෝද රථ රියදුරා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.

අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි තට්ටය සහිත කුමාර නම් අයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් ත්‍රීරෝද රථ රියදුරාද තට්ටය සහිත කුමාර කෙනෙක් වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා තිබෙන බවත් මෙතෙක් කරන ලද පරීක්ෂ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට, පොලිස් කොස්තාපල් සදමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාවද? “… නිලන්ත ඉලංගමුවගෙන් අලුත් පොතක්!

Next Post

මුදල් ගෙවා ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදට පැමිණීමට ඉඩදීමේ දේවානන්දාගේ සැලසුම වත්මන් ධීවර ඇමතිගේ නියෝගයෙන් නවතී!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.