සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු  02ක්  තිස්සේ කුවේට්වල බැලමෙහෙවර කර  හැටන්   මහජන බැංකුවට  එවු ලක්ෂ 13ම පිල්ලි ගිහින්… බගවන්තලාවේ කාන්තාවක් සිය දිවි නසා ගන්න යයි!

by editor
මැයි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

වසර දෙකක කාලයක් කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කර මාසිකව උපයා ගන්නා වැටුප හැටන්    මහජන බැංකුවේ විවෘත කර තිබුණු තම ගිණුමට බැර කළද තමා දිවයිනට පැමිණ එම මුදල් වලින් කොටසක් ලබා ගැනීමට   බැංකුව වෙත ගිය අවස්ථාවේ ගිණුමේ ඉතිරය ලෙස තිබුණේ රුපියල් 1046ක්   පමණක්  බව බගවන්තලාව පොලිස් වසමට අයත් එල්බොඩ වත්ත පහළ කොටසේ පදිංචි නිත්‍යජොති අම්මාන්    නැමැති කාන්තාවක් හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.

පවුලේ පවතින ආර්ථික අපහසුතා සහ පදිංචිව සිටින නිවස අලුත්වැඩියා කර ගැනෙීමේ අරමුණින් 2022.05.17 දින කුවෙට් රාජ්‍යයේ නිවසක ගෘහ සේවය සදහා ගිය බවත්, සේවයට බැදුණු දින සිට මාසිකව ලැබුණු වැටුප එරට බැංකුවක් හරහා හැටන් ප්‍ර  මහජන බැංකුවේ සිය ගිණුමට බැර කළ බවත් ඇය කියා තිබුණාය.

එසේ බැර කළ මුදල රුපියල් 13,44859/= (දහතුන් ලක්ෂ හතලිස් හතරදහස් අටසිට පනස් නවයක) බවත් ඇය ප්‍රකාශ කර ඇත.

ඉකුත් මස (28) දින යලිත් දිවයිනට පැමිණ නිවස අලුත්වැඩියා කර ගැනීමට ගිණුමෙන් මුදල් ලබා ගැනීම සඳහා හැටන් නගරයේ පිහිටි එම රාජ්‍ය බැංකුව වෙත ගොස් මුදල් ගැනීමේ පත්‍රිකාව පුරවා විදේශ ගමන් බලපත්‍රය සමග බැංකුව වෙත ලබාදිමේදි බැංකු නිලධාරියා විසින් එය පරික්ෂා කර බලා   ගිණුමේ ඇත්තේ  රුපියල් 1046 මුදලක් පමණකැයි   පැවසු බවයි ඇය කියා සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව එම බැංකුවේ කලමණාකාරවරයා මුණ ගැසි කරුණු විමසිමේදි තමන් මාසිකව එවු මුදල්  තමන් විසින්ම මාසිකව ලබාගෙන ඇති බවට බැංකු ගිණුමේ සඳහන් වන බව කලමණාකාරවරයා පවසා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

වසර දෙකකට පසු මෙරටට පැමිණි තමන් එසේ මුදල් ලබා ගන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළද ඉන් ඵලක් නොවු නිසා සියදිවි හානි කර ගැනිමේ චේතනාවෙන් තමන් ධාවනය වෙමින් තිබු බස් රථයකට පැන්න බවත්,  එහිදී  පිරිසක් එක්ව තමන්ව ඉන් බේරාගත් බවත් අගතියට පත් කාන්තාව කියා සිටියාය.

පසුව තමන් හැටන් පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් පැමිණිල්ලක් කළ බවත්, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන නිලධාරින් තමන් වෙත බැංකුවෙන් ගිණුම් වාර්තාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලිමක් මත බැංකුව වෙත රු 2400 ක මුදලක් ගෙවා ගිණුම් වාර්තා ලබාදුන් බවත් ඇය පැවසුවාය.

තමන් ගෘහ සේවයට කුවේට් රාජ්‍ය දක්වා යන අවස්තාවේ තම නිවසට යාබදව පදිංචි කාන්තාවකට තමන්ගේ ජාතික හැදුනුම්පත, බැංකු ගිණුම් පොත ආරක්ෂාව සඳහා භාරදි ගිය බවත්, එසේ තමන් සිදුකලේ තම සැමියා මත්පැන් පානයට ඇබ්බැහි වී  සිටින පුද්ගලයෙකු නිසා බවත්, තම මුදල් ගිණුමේ මුදල් කිසියම් පාර්ශවයක් විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර යලිත් නිවසට ගොස් තමා විසින් විදේශගත විමේදි අසල්වාසි කාන්තාවට ආරක්ෂාව සඳහා ලබාදි තිබු  බැංකු ගිණුම් පොත සහ ජාතික හැදුනුම්පත ඉල්ලා සිටි අවස්තාවේ ඇය විසින් ජාතික හැදුනුම්පත පමණක් ලබාදුන් බවත්, බැංකු ගිණුම් පොත අස්ථානගත වී ඇති බව ඇය පවසා සිටි බවත් නිත්‍යජොති අම්මාන් කියා සිටියාය.

යලිත් තමන් අදාල බැංකුව වෙත ගොස් එම බැංකුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කිරිමේදි තම මුදල් අසල්වාසි කාන්තාව විසින් බැංකු වෙත පැමිණ තමන්ගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර ලබා ගන්නා අයුරු සටහන් වි තිබු බව තහවුරු වී ඇතැයි ඇය පැවසුවාය.

හැටන් මහජන බැංකුවේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින්ද ගිණුම් හිමියාගේ අනන්‍යතාවය නිසි ලෙස තහවුරුකර  නොකරගෙන තමාගේ ගිණුමට බැර කර තිබු සියළුම මුදල් වෙනත් පාර්ශවයකට ලබා දි ඇති ඇය කීවාය.

තමාගේ මුදල් වෙනත් පාර්ශවයකට ලබාදිම සම්බන්ධයෙන් බැංකුවේ නිලධාරින් වගකිය යුතු බවත්, වසර දෙකක් දුක් මහන්සි වි හම්බ කළ මුදල් කුවේට් රාජ්‍යයේ බැංකුවට බැර නොකර මෙරටට මුදල් බැර කර සිටියේ වැඩි ආරක්ෂාවට බවත් ඇය හැඩු කදුලින් කීවාය.

මුදල් ලබා ගැනිම සම්බන්ධයෙන් තමන්ගේ නිවස අසල පදිංචි කාන්තාවගෙන් කල  තමන් මුදල් ලබානොගත් බවත්, බැංකුවේ නිලධාරින් එම මුදල්  කොල්ල කන්නට ඇති බවත් ඇය විසින් තමන්ට තර්ජනය කරමින් පැවසු බවද නිත්‍යජොති අම්මාන් පැවසිය.

තමන් යලිත් මේ වසරේ 07.10 දින  එම රටේම ගෘහසේවයට යාමට අපෙක්ෂාවෙන් සිටින බවත්, ඊට ප්‍රථම තමන් බැංකුව වෙත බැර කළ මුදල් ලබාදිමට අදාල වගකිය යුතු නිලධාරින් කටයුතු කළ යුතු බවත් ඇය කියා සිටියාය.

අප මේ සම්බන්ධයෙන් අදාල බැංකුවේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ විදේශ ගතව සිට පැමිණි කාන්තාවගේ සමාන හැඩහුරුකම් ඇති කාන්තාවක් පැමිණ නියමිත අත්සන යොදා දික්ඔය , හැටන් සහ නාවලපිටිය යන නගර වල පිහිටි මහජන බැංකු ශාඛා වලින් වරින් වර මුදල් ලබාගෙන ඇති බවත්, ඇයගේ ජාතික හැදුනුම්පතේ ඡායාරුප අපැහැදිලිව තිබු නිසා අත්සන ලෙස නිසිලෙස යෙදු නිසා කිසිදු සැකයකින් තොරව එම ගිණුමේ තිබු මුදල් ඇය වෙත ලබාදුන් බවත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුල්ලිවයික්කාල් සතිය ඇරඹෙයි!

Next Post

ප්‍රජා  කමිටු  හරහා ආණ්ඩුව ගහන්න යන ඡන්ද ගේමට  මැතිවරණ කොමිසමෙන් රතු එළියක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.