බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් දෙන්න එපා… ජනපති ජනතාවගෙන් ඉල්ලයි…

by editor
පෙබරවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ නිවැරදි රටක් ගොඩනැගීම සඳහා විශාල පුරවැසි වගකීමක් ඇති බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති “පශ්චාත් අයවැය කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 ) සංවාදයට එක්වෙමිනි .

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක‍ෙ කියා සිටියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගත වේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා පැවසීය.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකය ගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කර ගැනීමටත් මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අතර ඉන් පුරවැසියාට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කර ගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කර්මාන්තයට සහාය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම රජයේ ඉලක්කය බවද කියා සිටියේය.

ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැගීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති බවද එමගින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒක රේඛීය අධ්‍යාපනය වෙනුවට බහු රේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත්, එම නිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා කීවේය.

අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වරාය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අකාරය ජනාධිපතිවරයා සිහි කළේය.

සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර අනුරාධපුරය, යාපහුව, යාපනය වැනි නගර ප්‍රවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය. .

රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගනේමුල්ලේ සංජීවට වෙඩි තියන්න නීතිඥවරියක ලෙස වෙස්වලාගත් කාන්තාවකුත් ඇවිත්… අධිකරණ භූමියට රිවෝල්වරය ගෙනත් තිබෙන්නේ ඇය….

Next Post

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.