අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘ මහින්ද ඉලේපෙරුම මහතාව කැඳවීමට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් විරෝධය පළ කර ඇත.
එම සංගමයේ ලේකම් තරිඳු උඩුවරගෙදර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහින්ද ඉලේපෙරුම මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම විමර්ශනයක මුවාවෙන් මාධ්‍ය බියවැද්දීම සඳහා ගත් උත්සාහයක් ලෙසයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් විරෝධය පළ කිරිමට පසුබට නොවන බවද එම නිවේදයෙ සඳහන්ව ඇත.









