සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරක්කු කොම්පැණි 05ක් ආණ්ඩුවට තැබූ කෝටි 208ක  බදු පොල්ල ගැන විගණනය හෙළි කරයි…

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මත්පැන් නිෂ්පාදන ආයතන  05කින්  හිඟ සුරාබදුමුදල් හා  ප්‍රමාද ගාස්තු වශයෙන් අයවිය යුතු  රුපියල්  දෙසිය අට කෝටි පනස්එක් ලක්ෂ හතලිස්දහස්එකසිය අසූ අටක (2,085,140,188)  මුදලක් අයකර ගැනීමට සුරාබදු දේපාර්තමේන්තුවට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල වසර 05කට වැඩිකාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන 05කින්  අයවිය යුතුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙයි. 

2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට  අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් තිස්හය කෝටි හය ලක්ෂ විසිපන්දහස් හාරසිය තිස් නවය  (360,625,439)කි.  ප්‍රමාද ගාස්තු මුදල් එකසිය හැත්තෑ දෙකෝටි හතලිස්පන් ලක්ෂ දාහතර දහස් හත්සිය හතලිස් නවය    (1,724,514,749 )කි.

හිඟබදු මුදල් පැහැර හැරීම සම්බන්දයෙන්  මත්පැන් නිෂ්පාදන ආයතන  03කට අදාලව නඩුපැවරීමට අවශ්‍ය මුලික කටයුතු  කොටුම්පත් කරන අවස්ථාවේ  හිඟ සුරාබදු හා  ප්‍රමාද ගාස්තු  ගෙවීම පිළිබද  එකඟතාවයක් ඇතිකරගෙන තිබුණි.

එහෙත් අදාල  මත්පැන් නිෂ්පාදන ආයතන විසින්  එම එකඟතාවය කඩකර  හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවිමද පැහැරහැර තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

හිඟබදු අයකරගැනිම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් 02කට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු  විභාගවෙමින් පවතින අතර  අනික් සමාගම් තුන සඳහා  අධිකරණයේ නඩු පැවරිමට අවශ්‍ය මුලික කටයුතු  සුරාබදු දෙපාර්තමේන්තුවේ නිති අංශය මගින් සිදුකරමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොටඇත.

මේ අතර නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති  මත්පැන් නිෂ්පාදන සමාගමකින්  2021 වර්ෂයේ දෙසැම්බර් .31 දින වනවිට  රුපියල්  එකසිය විසිහතරකෝටි අසුඑක් ලක්ෂ අනුහතර දහස් දෙසිය පනස්හතක මුදලක්  (1,248,194,257) අයවීමට  ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි. 

එකි සමාගමෙන් අයවිය යුතු  ප්‍රමාද ගාස්තු මුදල රුපියල්  හැත්තෑනව කෝටි තිස්දෙලක්ෂ  විසිපන්දහස් හාරසිය විසිනවය  (793,225,429) කි.

මේ අතර අදාළ සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම් භකිරීම සඳහා  මුලිකව  රුපියල් 100,000,000, ගෙවිමටත් ඉතිරිය  වාරික 24කින් ගෙවිම සඳහාත්  2021 ජුනි මස 23 වන දින ගිවිසුම්ගතවී තිබුණි. 

කෙසේවුවද  ඉන් මුලික ගෙවිම වාරික දෙකක් යටතේ  ඉන් පළමු වාරිකය 2021 ජුනි මස 30වැනි දින  ගෙවීමට කටයුතු ආරම්භකර තිබුනද  අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නැවත නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට පියවරගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂයට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රීට එරෙහි පාස්කු පැමිණිල්ල විභාගයට ගැනීම කල් තබන්න…  අභියාචනාධිකරණයෙන්  කොටුව මහේස්ත්‍රාත්ට නියෝගයක්!

Next Post

ලංකාවේ අඩිපාරේ යන ලාඕසය

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.