ලාඕසය තුල මේවන විට දැඩි ආර්ථීක සහ විදේශ ණය ආර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වය ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමාන බවටත් වාර්තාවේ.
ඒ අනුව ලාඕසයට සිය විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
මේවන විට ලාඕසයේ විදේශ සංචිත සම්පූර්ණයෙන්ම පාහේ සිදී ගොස් ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අර්බුදයට බෙහෙවින් සමාන බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ උප සභාපතිනි අනුෂ්කා සහා පසුගියා ලාඕසය සම්බන්ධයේ අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ, ‟ලාඕසය බුන්වත් වීමේ අභියසයි සිටින්නේ. ” යනුවෙනි.
ලාඕසය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික තීරණ ගැනීමත් සමඟය. ඒ අනුව ඔවුන්ගේ විදේශ වගකීම් හෙවත් ණය වලින් අඩක්ම චීනයෙන් ලබා ගත් ණය බවටද අනාවරණය වේ.
චීනය විසින් ලාඕසයට පසුගිය කාලය පුරාවට විවිධ ව්‍යපෘති රැසකට ණය ලබාදීම් සිදුකර ඇත. ජල විදුලි බලාගාර, දුම්රිය මාර්ග, ඇතුළු යටිලත පහසුකම් සදහා මෙම ණය වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර කොරෝනා වසංගයට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ලාඕසය දරුණ ණය අර්බුදයකට මුහුණ දීමට ඉඩ පවතින බවට අනාවරණය කරනු ලැබ තිබිණි.
ඒ අනුව ඊට හේතුවී ඇත්තේ ලාඕසයේ ආර්ථික වැඩසටහන් සහ ණය මගින් ආරම්භ කළ ව්‍යාපෘති අතර නිසි ගැලපීමක් නොතිබීම බවටයි විශේසඥයින් පෙන්වා දෙන්නේ.







