සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ITN ප්‍රධානියෙක් වූ සල්ලාල මහල්ලාගේ ලිංගික අසහනයේ පීඩාව හෙළිකර සම්මානිත ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර රැකියාව හැර යයි!

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මාධ්‍යයේ ප්‍රධානම ආයතනයක් වූ  ස්වාධීන රූපවාහිනී සේවයේ    ප්‍රධාන තනතුරක් දරන, කුප්‍රකට වංචා සිද්ධියක් සම්බන්ධව රටේ අප්‍රසාදයට පත්ව ඇති   පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම එල්ලවෙමින් තිබුණු ලිංගික බලපෑම් සහිත පීඩනය හේතුවෙන් අයිටීඑන් රූපවාහිනි ආයතනයේ සේවය කළ  ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටම ප්‍රවෘත්ති සන්නිවේදිකාව වූ ඉෂාරා දේවේන්ද්‍ර සිය රැකියාව අත්හැර දමා ගොස් ඇත.

රාජ්‍ය රූපවාහිනියේ මෙම සල්ලාල මහල්ලාගෙන් තමන්ට සිදුවූ නින්දාසහගත බලපෑම් සම්බන්ධව වීඩියෝ සහ හඬ පට සමග අයිටීඑන් පාලන අධිකාරියට දන්වා ඇතත් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන්  ආත්ම ගෞරවය ජීවිතයේ අංක එක කොට සලකා තමන් රැකියාවෙන් ඉල්ලා අස්වූ  ආකාරය ඉෂාරා ෆේස්බුක් සටහනක් තබා හෙළිදරවු කර තිබේ.

ඇය පිටව එන්නට පෙර තමන්ට කළ අශීලාචාර බලපෑම් සම්බන්ධ සියලුම තොරතුරු මෙම සල්ලාල මහල්ලාගේ බිරියට  අතට ද පත් කර ඇතැයි වාර්තා වේ.

ඉෂාරා තබා ඇති  එම ෆේස්බුක් සටහන මෙසේය.

මගේ ආසම රස්සාව මම අත් හැරියා… ආත්ම ගරුත්වය වෙනුවෙන්..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ  කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා….

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ  ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…

මම මේ ගැන  සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක්  action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා  කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු  වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ  වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

“ඉෂාරා දේවේන්ද්‍ර” වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි….

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඩුගුවනේ දී තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වෙයි… ගුවන්ගතවී පැයකට පසුව යළි කටුනායකට…

Next Post

ණයේ හිලව්වට ලැබුණ  Prednisolone දියරය   නුසුදු බව තහවුරු වුනොත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සෑහෙන කාලයකට නවතීවි… ඊට ආදේශයක් වෛද්‍ය සැපයුම් අංශයේ නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.