බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමානුෂික යුද්ධයක අහඹු ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන්ට කළ හැක්කේ කුමක් ද?

by editor
ඔක්තෝබර් 13, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

 උතුරු ඊශ්‍රායල් හි ගාසා සීමාවට නුදුරෙහි මේ වනවිට  ලාංකිකයින් දහසක් පමණ ජීවත් වෙති.  ඊශ්‍රයාලය උතුරුදිග ගාසා තිරයේ සිවිල් වැසියන්ට ඉවත්වන ලෙස දන්වා දැවැන්ත ප්‍රහාරයක කාලය පැය ගණනින් ලකුණු කර තියෙද්දී ලෙබනන් සහ සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි උතුරුදිග ඊශ්‍රායල් දේශ සීමාවට නුදුරේ  ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට ආරක්‍ෂිත උපදෙස් නිකුත් වී තිබේ. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර  බීබීසි සිංහල වෙත පවසා ඇත්තේ උතුරුදිග ඊශ්‍රායලයේ ලෙබනනය හා සිරියාවට ආසන්නව ඇති නහරියා (Narariyya), අකෝ (AKKO),හයිෆා (Haifa), තිබෙරියා(Tiberia), නාසරිත් (Nazareth) හා අපුලා (Afula) යන ගම්මාන ආසන්නයට යම් ප්‍රහාර එල්ලවිය හැකි බවට විදෙස් මාධ්‍යය ද පුරෝකථනය කර ඇති බවය.

පැය විසි හතරක් තුළ ගාසාහි උතුරු සීමාවෙන් ඉවත් වන ලෙස මේ වනවිට දන්වා ඇත. හමාස් සංවිධානය සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉවත් වී නොයන ලෙසය. එය කටකතාවක් බව පවසන්නට  හමාස් සටන් කරුවෝ පෙළඹී සිටිති.  කෙසේ වෙතත්  ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඉවත්වීමේ නියෝගයක් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අද නිවේදනය කර තිබිණි.

උතුර ගාසා තීරයෙන් පිටවෙන සිවිල් මිනිස්සු…

ඊශ්‍රයාලය ගාසා තීරය වට කිරීම

ඊශ්‍රයාල් අගමැති බෙන්ජමින් බෙන්ජමින් නෙතනියාහු හමාස් සටන්කරුවන් මෙවර නම් පෙර නොවූ විරූ පාඩමක් ඉගෙන ගන්නා බවය. තවමත් ප්‍රහාරය ආම්භකලා පමණකැයි ඔහු පවසයි.  මේ වනවිට ගාසා තීරය වටකරමින් ඊශ්‍රයාල් හමුදාව සන්ද්ධ රථ සමග විශාල සෙබළ පිරිසක් මෙහෙයවමින් ඇති අයුරු විදෙස් මාධ්‍ය  හෙළි කර තිබේ.

ඊශ්‍රායල් හමුදා විසින් යුද ටැංකි සහ හමුදා සෙබළුන් විශාල පිරිසක් ගාසා දේශසීමාව දෙසට අනුයුක්ත කරනු ලබමින් තිබේ.

මේ අතර කිසිසේත් ප්‍රමාණවත් නොවන කාලයක් තුළ ඉවත්වන්නට කළ නියෝගයෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් අතිශයින් අසරණ වී හැකි උපරිම ආකාරයෙන් භූමියෙන් ඉවත් වීමට සූදානම් වී සිටිති. උතුරු ගාසා තීරයේ ජනගහණය මිලියන 1.1ක් බවත් පැයක් තුළ හතලිස් දහසක් ඉවත් වීම සිදුවිය යුතු නමුත් එක කිසි සේත්ම ප්‍රමාණවත් කාලයක් නොවන බවත් මේ වනවිට ජාත්‍යාන්තර සංවිධාන පෙන්වා දී ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

උතුරු ඊශ්‍රයාලයට ඇති අවදනාම

නිර්මාණය වී ඇත්තේ බේල්ලටම හිරවීමට නියමිතව සිටින හමාස් සටන්කාමීන් විසින් එල්ල කරනු ඇතැයි අපේක්ෂිත බලවත් ප්‍රහාර උතුරුදිග ඊශ්‍රයාලයත් ව්‍යසනයකට ලක් කළ හැකි තත්ත්වයකි.

උතුරුදිග ගාසා තීරය නම් මේ වනවිටත් මහා මානුෂික ඛේදවාචකයකය. ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්වූ ෆාතිමා රිකාසා බීබීසී වෙත පවසා ඇත්තේ තමන්ට යන්නට එන්නට අතක් හිතා ගන්නට බැරි බවය. රොටියක් පුච්චා ගන්න විදුලිය නැති, බීමට ජල පොදක් නැති ප්‍රහාරයට ලක්වන අසරණයින්ට බෙහෙතක් කරගැනීමට ඖෂධ නැති,  රෝහල් මෝචරි බවට පත්වීමට නියමිත සොහොන් භූමියක් ගාසා තීරයේ නිර්මාණය වෙමින් තිබේ.

මේ යුද්ධය අපව තිගස්වන්නේ එය මේ ශිෂ්ඨාචාරවත් සමාජයේ සිදුවිය නොහැකි බවට විශ්වාස කරන තරමේ අමානුෂික දුර්දාන්තයක් බැවිනි. සියවස් ගණනකට පෙර සිදුවී  තිබුණත් යළි කිසි දිනක සිදුවනු ඇතැයි අපේක්ෂා නොකළ තිරිසන් බවක්  මේ ගැටුමේ  ගැබ් වී ඇති බැවිනි.

හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රයාල් ඉතිහාසයේ සිවිල් වැසියන් විෂයෙහි එල්ල කළ බිහිසුණුම ප්‍රහාරය ය.  1300ක් සිවිල් වැසියන් ඇතුළු පිරිසක් ඊශ්‍රයාලයේ දී මිය ගොස් තිබේ. ගාසා තීරයේ කොපමණ මරණ සංඛ්‍යාවක් සිදුවී දැයි නිශ්චිත නැත. උතුරුදිග ගාසා තීරය මේ වනවිටත් නටබුන් ගොඩකි.  ගාසා තීරයේ ජීවත්වන ජනගහණයෙන් සියයට හැත්තෑවක් මානුෂීය ආධාර මත ජීවත්වන අසරණයන්ය. ජනගහණයෙන් සියයට පනහක් දරුවන්ය. මේ  නිරායුධ අසරණයන් ඊශ්‍රයාලයේ අමානුෂික ප්‍රහාරයට ඉලක්ක වී ඇත.

ඊශ්‍රයාලය පවසන්නේ   භූගත උමං පද්ධතියක රැඳෙමින් සටන් කරන හමාස් සටන් කරුවන් ගැනය.   මේ උමං පද්ධතිය සිවිල් වැසියන් යුද්ධයෙන්  රැක ගැනීමට නොව සටන්කරුවන්ට සටන්  කිරීම සඳහා ඉදිකළ ආරක්ෂිත ස්ථාන ලෙස නිමවා ඇති බවත්, ගාසා තීරය සිවිල් ජනතාව වෙසෙන උඩු ස්ථරය සහ සටන්කරුවන්ගේ භූගත ස්ථරය ලෙස කොටස් දෙකකට වෙන් වී  ඇති බවත්  පවසති.

උතුරු ඊශ්‍රයාල් සීමාවේ ශ්‍රි ලාංකිකයන්ට

ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ  පවතින තත්ත්වය   අද පාන්දර 3 සිට ඒ ප්‍රදේශවල ජීවත් වන ලාංකිකයින්ට   දැනුම් දුන් බවය.

“ඔවුන්ට අවධානයෙන් ඉන්න කියලා සහ අවශ්‍ය පෙර සුදානම්වීම් කරගන්න කියලා. දැන්වූවා”

“යම්සිදුවීමක් වුවහොත් ඊශ්‍රායල් ආරක්ෂක අංශ ඒ ප්‍රදේශවල සිටින විදේශිකයින් වගේම වයෝවෘද්ධ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරයි. මොකද ගොඩක් නිවෙස්වල තරුණ අය දැන් යුද සේවයට එක්වෙලා ඉන්නේ.”

“මේ දින කිහිපය තුළ ලබාදී ඇති ආරක්ෂක උපදෙස් පිළිපදින්න කියලත්, තම තමන්ගේගේ දුරකථන සක්‍රියව තබා ගන්න ලෙසත් හදිසියකදී භාවිතා කිරීමට ජලය, ඖෂධ, වියලි ආහාර යම් ප්‍රමාණයක් ළඟ තබා ගන්නා ලෙසත් දැනුම් දුන්නා.”

“ඒ වගේම අද හා හෙට ඊශ්‍රායල් රජයේ නිවාඩු දිනයන් වුනත් තානාපති කාර්යාලය විවෘතව තිබෙනවා.”

“ඕනෑම හදිසි අවස්ථාවක අපගේ දුරකථන අංක හා සමාජ මාධ්‍යය හරහා අපව සම්බන්ධ කර ගන්න පුලුවන්.” තානාපතිවරයා  බීබීසිය වෙත සඳහන් කර ඇත.

මේඅතර ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට යම් හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් භාවිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 30,000ක් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුවාල සහිතව මියගිය කොටියකුගෙ සිරුර කාසල්රී වතුයායේ……

Next Post

රෝග විනිශ්චය අන්ධයි… බිහිරියි… කරාපිටියේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකත් ක්‍රියා විරහිත වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.