තුවාල සහිතව මිය ගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් අද (13) දින හමු වු බව හැටන් පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශයට ඉහලින් වු කාසල්රි ලෙදන්ටි වතු යායේ තේ වත්ත මැද පිහිටි ලදු කැලැවක මිය ගොස් සිටින කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත සිරුර සොයා ගත් බව හැටන් පොලිසිය පැවසුවේය.
සිරුර සම්බන්දයෙන් නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බව හැටන් පොලිසිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයා පැවසිය