ශ්‍රියානි විජේසිංහ –
කරාපිටිය ශික්ෂණ රෝහලේ සී.ටි.ස්කෑන් යන්ත්‍ර දෙක අක්‍රීය විම හේතුවෙන් රෝගින් මහත් අසීරුතාවකට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එක් යන්ත්‍රයක් මීට වසරකට පමණ පෙර කැඩී ඇත. අනෙක් යන්ත්‍රය පසුගිය 10 වෙනිදා බිඳ වැටී ඇති අතර එය බිඳවැටිමට හේතුව වී ඇත්තේ යන්ත්‍රයට විදුලිබල සැපයුම ඒකකාකාරීව පවත්වා ගැනීමට භාවිත කරන UPS ඒකකයේ පවතින දෝෂයක් යැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
යන්ත්‍රය මිලදී ගැනීමට අදාල සේවා ගිවිසුම යථාවත් වී නොමැති බැවින් යන්ත්‍රය යථාවත් කිරීම මේ හේතුවෙන් ප්‍රමාද වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මේ හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණෙන රෝගීන්ට සී.ටී.ස්කෑන් පරික්ෂණයන් කර ගැනීමට පෞද්ගලික අංශය වෙත යෑමට සිදුවීම හේතුවෙන් ඔවුන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇතැයිද වාර්තාවේ.
හදිසි ආඝාත තත්ත්වයට පත්වෙන රෝගියෙකුගේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට සී.ටී පරික්ෂණය අනිවාර්ය වේ. එම පරික්ෂණ රෝග ලක්ෂණ පහළ වී පැය 4ක් වැනි කාලයක් තුළ සිදුකළ හැකිනම් ආඝාත රෝග තත්ත්වයෙන් රෝගියා සම්පුර්ණයෙන්ම මුදවා ගැනීමට හැකි බවද චානක ධර්මවික්‍රම පෙන්වාදේ.