fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ දී   තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

අම්බලන්ගොඩ  සොයිසා පවුල් දෙකක් අතර සිදුවන දාම ඝාතනයේ තවත් බිල්ලක් !

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
465 5
murder
Share on FacebookShare on Twitter

සොයිසා පවුල් දෙකක් අතර අම්බලන්ගොඩ දි සිදුවන ඝාතන දාමයේ තවත් ඝාතනයක් ලෙස සැක කෙරෙන  ඝාතනයක්     අද (31) රාත්‍රියේ වාර්තා වී තිබේ.

අද 7.20ට පමණට    අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දි   යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් සිදු කරන ලද වෙඩි තැබීමකින්  එම ඝාතනය සිදුකර ඇත.

මරා දමා ඇත්තේ අංක 06 සීනිගොඩ ,වතුගෙදර ලිපිනයේ පදිංචි . මදුර කසුන් ගුණතිලක  නැමැත්තෙකි.

මරා දැමූ තරුණයා අහුංගල්ල ප්‍රදේශයේ සිට අම්බලන්ගොඩ දෙසට   යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදු කොට ඇති බවට අනාවරණය වේ.  .

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

මේ වනවිට අජිත් සොයිසා පවුල සහ වසන්ත සොයිසා පවුල අතර සිදුවෙමින් පවතින ඝාතන දාමයෙන් හය දෙනෙකු ඝාතනය වී තිබේ.  මෙම මිය ගිය තරුණයා වසන්ත සොයිසාගේ පාර්ශවයෙන් ඝාතනය කරන්නට ඇතැයි පොලිස් විමර්ශකයෝ සැක පහළ කරති.

මෙම ඝාතන දාමය අලුතින් ආරම්භ වන්නේ පසුගිය ජූලි මස 26 වැනිදා අම්බලන්ගොඩ දී වසන්ත  සොයිසා නැමැත්තා ඝාතනයත් සමගය.

මෙම ඝාතනයට මුල් වන්නේ අම්බලන්ගොඩ දී අජිත් සොයිසා හෙවත්   බූරු අජිත්  නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය ය. බූරු අජිත් ඝාතනය වන්නේ  2020 අගෝස්තු 22 දාය. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ වසන්ත සොයිසාය.

වසන්ත සොයිසා බූරු අජිත් හෙවත් අජිත් සොයිසා ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.   එම ඝාතනය සම්බන්ධව බලපිටිය උසාවියේ පැවති නඩු වාරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී  අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දී   යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් ඔහුව පසුගිය ජූලි 26 වැනිදා වෙඩි තබා මරා දැම්මේය.

ඊට පසුදා එනම් ජූලි 27  අම්බලන්ගොඩ,  ගලගොඩ  ප්‍රදේශයේ මළ ගෙදරකට පැමිණි තුවක්කු කරුවෙක් එම මළ ගෙදර සිටි පුද්ගලයන් දෙදෙනෙකුට  වෙඩි තබා ඝාතනය  කළේය. එසේ ඝාතනය කරනු ලැබුවේ ඌරවත්තේ දී වසන්ත සොයිසාට වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයාගේ සොයුරාය. ඌරවත්තේ දී වසන්ත සොයිසාට වෙඩි තැබූ බව කීවේ බූරු අජිත් හෙවත් අජිත් සොයිසාගේ සොයුරු සුජිත් සොයිසා නැමැත්තෙකි.  මළ ගෙදරදී ඝාතනය වන්නේ අජිත්ගේ හා සුජිත්ගේ සොයුරාවන විජිත් සොයිසා නැමැත්තෙකි.

එහි පලිය ගැනීමට   අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ  අවන්හලකට පැමිණි ඝාතකයෙක්  එහි ඉහළ මහලේ රැඳි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පසුගිය 21 වැනිදා ඝාතනය කළේය.   එසේ ඝාතනය කර තිබුණේ  වසන්ත සොයිසාගේ බාප්පාගේ පුතාය.

කාර් රථයකින් පැමිණි ඝාතකයා ටි 56 ගිනි අවියකින්    පසුගිය 21 වැනිදා රාත්‍රී 8.30 – 9ත් අතර මෙම ඝාතනය සිදුකර  තිබිණි.

එම ඝාතනය සිදුකරන්නේ අජිත් සොයිසාගේ පාර්ශවයෙනි. ගලගොඩ මළගෙදර දී සිදුවන ඝාතනයේ පලිය ගැනීමට මෙම ඝාතනය සිදුකළ බවට තොරතුරු ලැබී තිබිණි.

ගලගොඩ ඝාතනයේ පළිය අද බලපිටිය පොලිසිය අසලදී ගෙන ඇති බව සැක කරන්නේ මේ තරුණයා ඝාතනයත් සමගය.

අම්බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි

Tags: නවතම
Share74Tweet47
Previous Post

ඉන්නත් නැති යන්නත් නැති ඇෆ්ගන් වැසියන්

Next Post

ණය ගැන චීනය කළ “කන් මන්ත්‍රණ“  මැද අපේ හෙට දවස

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post

ණය ගැන චීනය කළ “කන් මන්ත්‍රණ“  මැද අපේ හෙට දවස

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist