ලිට්‍රෝ ගෑස් ලෙස තමන් ගෑස් මිල වැඩි නොකළ බවත් මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ ගෑස් සඳහා සියයට 18 වැට් අය කිරිමේ රජයේ තීන්දුව හේතුවෙන් ලිට්‍රෝ ගෑස් 12.5 ක සිලින්ඩරය රුපියල් 685කින් ඉහළ දැමීමට සිදුවූ බවත් ලිට්‍රෝ ලංකා සභාපති මුදිත පීරිස් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
වැට් බදු පැනවීම නොවේ නම් රජයට ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 3,700 ක මිලකට ලබා දිය හැකිව තිබූ බව ද සභාපතිවරයා පෙන්වා දී තිබේ.
“අපි අපේ මිල වැඩි කර නැහැ. කෙසේ වෙතත්, වැට් බද්ද පැනවීමට රජය ගත් තීරණයට අපට අනුගත වන්න සිද්ධ වුනා. මෙතෙක් කවදාවත් එල්.පී. ගෑස් සඳහා වැට් බද්ද පනවනු ලැබුවේද නෑ. නමුත් රජයේ නියෝගය අනුව මෙවර එල්.පී ගෑස් මත වැට් බද්ද පැනවීමට තීරණය කිරීම හේතුවෙන් මිල වැඩි කිරීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා ,” සභාපතිවරයා පවසා ඇත







