දිනසේන රතුගමගේ –
මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂි විද්‍යා ගුරුවරයා මත්පෙති 264 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ ( 1 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මන්නාරමේ පදිංචි මෙම ගුරුවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග එක්ව පාසල් සිසුන් හා පෞද්ගලික පන්වලට සහභාගී වන සිසුන් ඉලක්ක කරගෙන මෙම මත්පෙති අලෙවි කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් මත ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම මත්පෙති තොගය හමු වී තිබේ.
අත් අඩංගුවට ගත් එම ගුරුවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ අසනීපයකට එම පෙති තොගය මිලට ගත් බවය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සැකකරුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුරුන්කන් පොලිසිය වෙත බාර දී තිබේ.







