බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි දිනයි ද?

by editor
සැප්තැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ටෙස්ට් තරගාවලිය දැන් ඔවුන් දිනුම්ය. එහෙත් තුන්වැනි තරගයේ අපූරුව මේ වනවිට එංගලන්තයට හොඳින්ම දැනෙමින් ඇත. පිට ටෙස්ට් තරග පහක් ජයගෙන සිටින එංගලන්තයේ ජයග්‍රාහි ඉදිරි ගමන දැන් ශ්‍රී ලංකාව ඉදිරියේ තර්ජනයකය. වසර 26කට පසුව ඕවල් ක්‍රීඩාංගනයේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ජයග්‍රාහී ඉතිහාසය තහවුරු කරන ලකුණු පහළ වී තිබේ.

ඕවල් පිටියේ පසුගිය 06 දා ආරම්භ වුන අවසන් ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය අවසානය. දැන් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ ලකුණු 125ක ඉලක්කයකි.

මුල් ඉනිමේ එංගලන්තකණ්ඩායම ලකුණු 325කි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 263කි. එංගලන්ත කණ්ඩායම ලකුණු 62ක් ඉදිරියෙන් සිට තරගය ආරම්භ කරන්නේය. එහෙත් දෙවැනි ඉනිමේ ඔවුහු ලකුණු 156කට සියල්ලෝ දැවී යති. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 218කි.

මේ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 93කි. ජයග්‍රහණය සදහා අවශ්‍ය තව ලකුණු 125කි. ඒ සඳහා දින දෙකක් ඉතිරිව ඇත. කඩුළු 09ක් ද ඉතිරි වී තිබේ. එහෙත් මේ තරගයේ ස්වභාවය අනුව ලකුණු 125ක් යනු ලඝු කොට තැකිය හැකි ඉලක්කයක් නොවේ.

අප දකිමින් ඉන්නේ ක්‍රිකට්වල ආශ්වාදය උපරිම දැනෙන තරගකි. බිඳ වැටෙන විට පවුරු සේ නැගී සිට බිඳවැටුණු තැන් ශක්තිමත් කිරීම, අතිශය ප්‍රවේගවත් උත්කර්ෂයක් කරා යන ගමන නොසිතූ ප්‍රහාරයකින් බිඳ වැටිම,  ඒකතානයමකින් ගලා යන ඕලාරික තරග රටාවකින් තොර තියුණු උස්පහත් වීම් සහිත ටෙස්ට් ක්‍රිකට්වල තියුණු රිද්මය අපූරුය. දෙපාර්ශවයම අත් නොහැර තරග වදිති. එය උද්වේගකර චිත්‍රපටයක් නරඹා ලබන ආශ්වාදය බඳු තියුණු හැඟීමකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මුල් ඉනිමේ දී මුල් දිනය නිමා වනවිට එංගලන්ත කන්ඩායම ලකුණු 221කට කඩුළු 03කි. ඔලේ පෝප් පන්දු 103ක දී ලකුණු 103ක් ලබාගෙන සිටියේය. එහෙත් එංගලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුළු 07ම ලකුණු 104ක් තුළ දැවී ගියේය. පළමු ඉනිමේ දී එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 325කි.

තරගයේ දෙවැනි දිනයේ දී මුල් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 05 ලකුණු 93කට දැවී ගියේය. එහෙත් විශිෂ්ට පිතිකරණයක නිරත වූ ධනංජය ද සිල්වා දෙවැනි දිනය නිමා වනවිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 211ක් දක්වා ඔසවා තැබූහ.

ඊයේ තරගය

එය නම් මනරම් තරගයකි.ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කරන්නේ ලකුණු 211කට කඩුළු 05ක් බිඳී ගොස් සිටියදීය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 54ක් ලබාගෙන සිටියේය. කෙසේ වෙතත් තරගයේ මුල් කාර්තුවේදීම ධනංජය ලකුණු 69කටත් , කමිඳු ලකුණු 64කටත් දැවී යන්නේය.

ලකුණු 93කට කඩුළු 05ක් බිඳවැටි තිබුණු අවස්ථාවේ දී කමිඳු සහ ධනංජය එක් වි ගොඩනගන ඉනිම විශිෂ්ඨ එකකි.

ධනංජය මුළු ලකුණු 220ක්ව තිබිය දී දැවී යන විට ධනංජය සහ කමිඳු අතර හය වැනි කඩුල්ල සඳහා ඇති වී තිබුණු සම්බන්ධතාවය ලකුණු 127කි. ශ්‍රි ලංකා මුල් ඉනිම ගොඩ නැගෙන්නේ ප්‍රධාන වශයෙන් අදියර දෙකකිනි. ආරම්භයේ දී එක් අන්තයක් බිඳ වැටෙද්දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ පැතුම් නිශ්ශංක මුල අදියරය. ඔහු තියුණු උඩපන්දු රැකීමකින් දැවී යනවිට ලකුණු 64ක් ලබා සිටියේය. ඔහු ඊට වැය කළේ පන්දු 51කි. හතරේ පහර 09ක් ඒ ඉනිමට අයත් විය.

පෙරහර යනවාක් සේ කඩුළු වැටෙද්දී හයවන කඩුල්ල වෙනුවෙන් ඉනිමේ එකම ස්ථාවර සබඳතාවය ගොඩනගන්නේ කමිඳු සහ නායක ධනංජය ය. එය දෙවැනි අදියරය. තරගය මුල් ඉනිම අවසන් වන්නේ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 263කට දැවී යමිනි.

පන්දු යැවීමේ දී ජොෂ් හූල් ලකුණු 53ට කඩුළු 03ක්, ඔලි ස්ටොන් ලකුණු 35ට කඩුළු 03ක්, ක්‍රිස් වෝකර්ස් ලකුණු 42ට කඩුළු 02ක් ෂොයිබ් බසීරු ලකුණු 37ට කඩුල්ලක් ලැබුවේය.

පැතුම්..

එංගලන්ත දෙවැනි ඉනිම

දිනයේ දී එංගලන්තයේ සියලු බලාපොරොත්තු දෙදරවා දැමීමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නිසි ඉලක්කය, දෝලනය සහ වේගය සහිතව අද ඔවුන් කළේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමකි. එංගලන්ත කණඩායම ලකුණු 156කට සියල්ලෝ දැවී ගියහ.

දෙවැනි ඉනිමේ දී සාර්ථක වන්නේ ජෙමී ස්මිත් සහ ඩැන් ලෝරන්ස් පමණි. කඩුළු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ලකුණු 67ක් රැස් කළේය. එම ලකුණු 67ට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. එය එක්දින තරගයක ඉනිමකි.
ඩෑන් ලෝරන්ස් ද එසේමය. ඔහු මුහුණ දුන්නේ පන්දු 35කට පමණි. ලකුණු 35කට ඔහු දැවි ගියේය. ජෝ රූට් ලකුණු 12ක් ලැබුවේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත වූහ. එංගලන්ත ඉනිම කුඩු කරන්නේ ලහිරු කුමාරය. ඔහු පන්දු ඕවර 07ක් යවා ලකුණු 21කට කඩුළු 04ක් දවා ගන්නේය. විශ්ව ප්‍රනාන්දු ඔහු පසුපසය. විශ්ව පන්දු ඕවර 08ක් යවා ලකුණු 40කට කඩුළු 03ක් බිඳ දමන්නේය. අසිත ප්‍රන්න්දු වැඩිම පන්දු ඕවර ගණනක් යැවූ ක්‍රීඩකයා ය. ඔහු පන්දු ඕවර 12ක් යවා ලකුණු 49කට කඩුළු 02කි. මිලාන් රත්නායක ලකුණු 43ට කඩුල්ලකි.

තුන්වන දිනය අවසන් වනවිට තරගයේ වැඩි වාසිය අප සතුය. දිමුත් කරුණාරත්න ලකුණු 08කට දැවී යන්නේ ඔහුගේ ටෙස්ට් ලකුණු 7000 පූරණය කරමිනි. පැතුම් නිශ්ශංක සුපුරුදු ලෙසම එක් අන්තයක හිදිමින් අමතක නොවන ප්‍රහාරයක යෙදෙමිනි. පැතුම් පන්දු 44ක් තුළ නොදැවී ලකුණු 53ක් ලබාගෙනය. තරග ගණනාවකින් පසු කුසල් මෙන්ඩිස් යළි ලකුණු අතරට පැමිණෙන ලකුණු පෙන්වා ඇත. ඔහු අනෙක් අන්තයේ රැඳෙමින් හතරේ පහර 06ක් සමග නොදැවී ලකුණු 30ක් ලබා ගෙනය. ඒ පන්දු 25ක දී ය.

මුලින් කී ලෙසම ජයග්‍රහණය සඳහා ඇත්තේ තව ලකුණු 125ක දුරකි. ඒ සඳහා කඩුළු 09ක් ඉතිරිව තිබේ. පය පටලවා ගන්නේ නැතිව ආසන්නයටම ඇති ජයග්‍රහණය කරා යෑම ප්‍රේක්ෂක අපේ ප්‍රාර්ථනාව ය. කෙසේ වෙතත් මේ වග සටහන් කර තැබිය යුතුය.

මැච් එකක් දිනන එක මරුය. එහෙත් මෙවැනි තරග දකින්නට ලැබෙනවා නම් ජය පරාජය මොකත් එක ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජයවර්ධනපුර වකුගඩු මාෆියා දොස්තර ගැන සෞඛ්‍ය ලේකම්වරයා දැඩි තීන්දුවක… ඒත් දොස්තර තවම ගේමේ…

Next Post

නිරුවත පෙන්වා වියපත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 50ක් වංචා කරලා… කාන්තාවන් 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.