නියමිත සුදුසුකම් සපුරා නොමැති වෛද්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කරමින් පවතින බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා රාගම රෝහලේද වැඩ බැලීම හේතුවෙන් හා ඔහු රෝගී තත්ත්වයෙන් පසුවෙන බැවින් තවදුරටත් ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුුතු කිරිමට ඔහුුට හැකියාවක් නොමැති බව දැනුම් දීම නිසා සෞඛ්‍ය ලේකම්වරයා සුදුසුකම් නිසි පරිදි සපුරා නොමැති වෛද්‍යවරයෙකුව මෙසේ ජාතික රෝහලට පත්කිරිමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ලංකාසර වෙත පැවසුවේය.
මෙම වැඩ බලන අධ්‍යක්ෂවරයා දැනට ආසියාවේ විශාලතම ළමා රෝහලවන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා. එම පත්වීම කරන්නේත් අනිල් ජාසිංහය. ඔහු ද සොයිසා කාන්තා රෝහලේත් වැඩ බලන අධ්‍යක්ෂවරයාය. එම පත්වීමත් කරන්නේ අනිල් ජාසිංහය.
එසේ තිබිය දී මේ පරිපාලන දොස්තර බාගය තව නොබෝ දිනකින් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා විශ්‍රාම ගිය පසු එම තනතුරේ වැඩ බැලීම සඳහාද ඔහුව පත්කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ සුදානමක් තිබෙන බවද පැවසුවේය.
අනිල් ජාසිංහට මේ දොස්තර බාගය සමග ඇති හිතවත්කම අවසානයේ දී ව්‍යසනයට පත් කරන්නේ මේ සමස්ථ රජයේම සෞඛ්‍ය ක්‍රියාන්විතය බව ජාතික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේය.







