අද උදෑසන සිට සමාජ මාධ්‍ය කැළඹු කෝටි දහයකට වඩා වටිනා ක්‍රයිස්ලර් එස්කලාඩේ (chrysler escalade) ජීප් රථ දෙකක් අධිවේගී මාර්ගයේ රැගෙන යෑමේ සිද්ධියට අදාල තොරතුරු හෙළි වී තිබේ.
ඇමරිකානු නිශ්පාදනයක්වන මෙම ක්‍රයිස්ලර් එස්කලාඩේ වාහන දෙක බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සිට රැගෙන ගොස් ඇත්තේ ප්‍රති අපනයනය සඳහාය.
වමෙන් පදවන මෙම වාහන දකුණෙන් පැදවීම සඳහා සකස් කර ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරයක් බියගම ආයෝජනය කලාපයේ ඇති බවත්, සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත්තේ එසේ සැකසූ වාහන දෙකක් ප්‍රති අපනයනය සඳහා රැගෙන යන ආකාරය බවත් රේගු ආරංචි මාර්ග ලංකසාරට තහවුරු කළේය.







