සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකියි

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවී ඇති මැර ප්‍රහාරය හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂනායකවරයා අවධාරණය කර සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය පහතින්‌.

“ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අදාල ප්‍රහාරය සම්බන්ධව දැනගන්නට ලැබීමත් සමග අප බලවත් කම්පනයට පත්වූ අතර අප සිටියේ කොළඹින් බැහැරව හෙයින් ඔහුගේ නිවසට යාමට නොහැකිවීම ගැන කණගාටු වෙමු.

මේ සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග එකට එක්ව ඔහුගේ පීඩනය බෙදා ගන්නා අතර මේ සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ද අප නොපැකිළව ඉදිරිපත් වන බව ද සඳහන් කරමු.

අදාල නින්දාසහගත මැර ප්‍රහාරය පිළිබඳව විනිවිද පෙනෙන, අපක්ෂපාතී , සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අප අවධාරණය කරමු.

අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් මෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබෙන අතර එය කුමන තත්වයක් යටතේ හෝ උල්ලංඝනය කළ නොහැකි අනුලංඝනීය අයිතියක් බවද අවධාරණය කළ යුතුව තිබේ.

මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි.”යනුවෙන් ජෝර්ජ් ඕවල් පවසා තිබේ.

රටක සිවුවන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යට හෝ මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතු බවත් එකම වාරණය “ස්වයංවාරණය” බවත් අපි දැඩිව විශ්වාස කරමු.චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා අරභයා ද එය වලංගු වන අතර ඔහු වෙනුවෙන්  මාධ්‍ය නිදහස උදෙසා අරගල කරන සියලුදෙනා සමග අපිද කොන්දේසි විරහිතව එකට සිටගනිමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් බොල් ණය… රනිල් වික්‍රමසිංහ…

Next Post

අධිවේගයේ ඇද්ද කෝටි දහයක් වටිනා ක්‍රයිස්ලර් වාහන දෙකේ ගැන තොරතුරු හෙළි වේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.