අධිකරණය ලබා දුන් තීන්දුවට ගරු කරමින් තමන් ආරම්භ කළ සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව දරුවන් උදෙසා වැඩිහිටියෝ ලෙස පිහිටුවා ගත් සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ අද (12) මාධ්‍යයට පැවසුවේය.
ව්‍යවස්ථාවට අනුව සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමේ අයිතියට ගරු කරමින් අධිකරණය සිය තීනිදුව ලබා දී ඇතැයි ඔහු පැවසුවේය.
මහජනයාට අවහිරයක් ඇතිනොවන ආකාරයටත්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්ද උත්පාදන උපකරණ භාවිතයෙන් වැලිකිය යුතු බවටත් අධිකරණය දක්වා ඇති කොන්දේසිවලට මුලුමනින්ම යටත්වන බවත් මෙතෙක් ඒ ආකාරයේ බාධාවන් නොවුන බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ වේදිකාව මීටත් වඩා පිටිපස්සට අරන් ගිහින් පදික වේදිකාව තව දුරටත් ඉඩ ලබා දෙමින්, ශබ්ද විකාශන යන්ත්‍ර , බෆල් හෝ මෙගා ෆෝන් භාවිතා නොකර අධිකරණ නියෝගයට සියයට දෙසීයක් ගරු කරමින් අපේ සාමාකමී විරෝධතාවය දිගටම පවත්වාගෙන යනවා.” විමල් වීරවංශ පැවසුවේය.







