බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහ නගර සභාවේ කෝටි දහයක ගැහිල්ලක්… මහනුවර  පොදුජන දේපොල සුරැකීමේ සංවිධානය කරුණු ඇතිව හෙළි කරයි…

by editor
ජනවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුවට ජල පොම්පයක් මිලට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අවම ලංසුව ලෙස රුපියල් මිලියන 39 ක්  ඉදිරිපත් කළ සමාගම සැලසුම් සහගතව ඉවත්කර රුපියල් මිලියන 113 ක ලංසුවක් ඉදිරිපත් කළ ආයතනකට එය ලබාදීමට නිලධාරීන් පිරිසක් කටයුතු කරන තිබෙන බව මහනුවර පොදුජන දේපොල සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර කුමාර ගෝනවල  කීය.

මහජන මුදල් අවභාවිත කිරීමෙ උපක්‍රමයක් ලෙස ලංසුවේ පිරිවිතර විකෘත කරමින් මෙම මුදල් වංචාව සඳහා පසුබිම සකස් කරගෙන තිබෙන බවද ඔහු  කීය.

මහනුවර යටිනුවර වීදියේ ඩෙවොන් හෝටලයේදී  අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා  මේ බව අනාවරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා රජයේ විගණන කාර්යාලයටත්  පැමිණිලි කළ බවද ඔහු  කීය.

පසුගිය අගෝස්තු මස 25 දින ලංසු කැඳවීම් ප්‍රසිද්ධ කර තිබෙන බවත් ඊට අදාළව ලැබුණු ලංසු තුනක් ඔක්තෝම්ර්බ මස විවෘත කර තිබෙන බවත් කී ලේකම්වරයා එහිදී අවම ලංසුව ඉදිරිපත් කර තිබුණු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනය වෙනුවට වෙනත් සමාගමකට ටෙන්ඩරය ලබාදී තිබෙන්නේ කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව බව ද අවධාරණය කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ලංසු කැඳවීමට පෙර පත් කරනු ලබන තාක්ෂණ ඇගයීම් කමිටුවක් මගින් ලංසු ලේඛන සකස් කිරීම රජයේ ක්‍රමවේදය බවත්  ලංසු ලැබුණු පසු එම කමිටුව මගින් ලංසු පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුවට නිර්දේශ ලබාදෙන බවත් කී ලේකම්වරයා  ලංසු කැඳවීම සිදුකර තිබෙන්නේම නගර සභාවේ නිලධාරීන් කණ්ඩායමකට අවශ්‍යය ආයතනයට ටෙන්ඩරය පිරිනැමීමේ අරමුණින් බව තහවුරු කරන්නට සාක්කි ඕනෑ තරම් පවතින බවද පැවසුවේය.

මේ සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ පිරිසක් පැහැදිලි ලෙසම කූඨ ලේඛනයක් සකස්කර ඇතැයිද නගර සභාවේ ලිපි ගොනුවේ මේ  වනවිට තිබෙන්නේ එය බවට තහවුරු කළ හැකි ලේඛන පවතින බව ද  අනුර කුමාර ගෝනවල  ප්‍රකාශ කළේය.

අත්දැකීම් වලින් හා දැනුමෙන් අඩු ජාතික ජනබලවේගයේ සභිකයින් මුලා කරමින් නිලධාරීන් පසුගිය දෙසැම්බර් 31 වැනි දින පැවැති මහ සභාවට මෙය ඉදිරිපත් කර  අනුමැතිය ලබාගෙන  තිබෙන බවත් ටෙන්ඩරය ප්‍රදානය කළ සමාගම සම්බන්ධයෙන්  රුපියල් 15000 ක දෛනික වැටුපකට නගර සභාවට බඳවාගෙන තිබෙන නගර සභාවේ හිටපු යාන්ත්‍රික ඉංජිනේරුවෙකු විශාල ඇගයීමක් සිදුකර තිබීම බරපතළ සැකයට හේතුවන කරුණක් බවත් ඔහු පැවසුවේය.

ජල නළ දෙකක් මිලට ගන්නේ නම් වට්ටමක් සහිතව එකක් රුපියල් මිලියන 89  බැගින් ලබාදිය හැකි බව ටෙන්ඩරය ලබාගත් සමාගම දන්වා තිබෙන බවත් ඒ අනුව මහනගර සභාව රුපියල් මිලියන 168 ක මහජන මුදල් මේ වෙනුවෙන් වැයකර ජල පොම්ප  දෙකක් මිලට  ගැනීමට යන බවත්   මහනුවර පොදුජන දේපොල සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.

මහජන මුදල් කොල්ලකන සටකපට නිලධාරීන්ගේ උගුලට අසුව ඒ සඳහා අනුමැතිය ලබාදීම ඔස්සේ මහනුවර මහ නගර සභාවේ සභිකයින් මතු දිනෙක අධිභාරයකට ලක්වන බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් සභාව තුළ සංවාදයක් ඇතිවිය යුතුව තිබෙන බවත් ඒ ඔහු  ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සත්‍යග්‍රහයේ නිරතවී ඉන්නා විමල් ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ නියෝගයක්….

Next Post

අධිකරණ තීන්දුවට ගරු කරමින් විරෝධතාවය දිගටම පවත්වාගෙන යනවා…  විමල්  කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.