නිරෝධායන නීති කඩකර උපන්දින සාදයක් පවත්වනු ලැබූ චන්දිමාල් ජයසිංහ හා නිරූපිකා පියුමි හංසමාලි ඔවුන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිය මූලික අයිතීන් කඩවීම පිළිබඳ පැමිණිල්ලක් කර තිබේ.
නිරෝධායනය කිරීම යනු නීතියක් නොවන බවත්, නිරෝධායන පනත ප්‍රකාරව තම සේවාදායකන් මේ ආකාරයෙන් දණ්ඩනයකට ලක් කළ නොහැකි බවත් එම නීතිඥවරුන් පැමිණිල්ල දමමින් ප්‍රකාශ කර තිබේ.
අධිකරණයෙන් ඇප ලබා දී තිබිය දී අත්තනෝමතික ලෙස මේ රඳවා ගැනීම කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත.
කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ අතර සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර වෛරසය ආසාදනය වී නැති බව තහවුරු කරගෙන තිබේ. මේ පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතය.