බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්කරෙයිපත්තු උසාවියට ගිනි තැබීමේ අපරාධය ඉනියභාරතී කළ බව දැන දැනත් CIDය විමර්ශනය මගහැරිය ආකාරය හෙළි වෙයි!

by editor
ජූලි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 2022 වසරේ දී අක්කරෙයිපත්තු උසාවියට ගිනි තැබීම සඳහා පුද්ගයින් දෙදෙනෙක් වෙත කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී බව අනාවණය වී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසර දෙකක් තිස්සේ ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ නැති බව අනාවරණය වේ.

අද ඉනියභාරතී අත් අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ ද ඇත්තේ “2022.12.21 වන දින අක්කරපත්තු අධිකරණයට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට මෙම සැකකරුවන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇත් ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව” ලෙස නමුත් සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකරුවන් අක්කරෙයිපත්තු පොලිසියට පවසා තිබුණේ තමන්ට ගිනි තැබීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නේ ඉනියභාරතී බවත් ඔහු පොරොන්දු වූ කොන්ත්‍රාත් මුදල පවා නොගෙවා ලබා දුන්නේ රුපියල් පනස් දහසක් පමණක් බවත්ය.

සිද්ධියට සම්බන්ධ මුල් සැකකරුවන් සිවු දෙනා අත් අඩංගුවට ගෙන ඉනියභාරතී අත් අඩංගුවට ගැනීම සැරසෙන අවස්ථාවේ දී විමර්ශනය අක්කරෙයිපත්තු පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබිණි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

එවකට අක්කරෙයිපත්තු පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටියේ දැන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ධූරය දරන ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංගය. ඔහු දක්ෂ විමර්ශකයෙක් ලෙස කීර්තියක් උසුලන නිලධාරියෙකි. කාන්තාවන් ඝාතනය කරමින් රට භීතියට පත් කළ කහවත්ත කොටකෙතන සැබෑ දාම ඝාතකයා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ඔහුත් ප්‍රධාන භූමිකාවක් දැරුවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අක්කරෙයිපත්තු උසාවියට ගිනි තබනා 2022 වසරේ අක්කරෙයිපත්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා ඔහුය.

අපරාධකරුවන් ගිනි තබා තිබුණේ උසාවියේ නව ගොඩනැගිල්ලේ පිහිටි ලේඛනාගාරය කොටසය. පා ගමනින් පැමිණි අපරාධකරු උසාවි ගොඩනැගිල්ලට ඇතුළු වී පෙට්‍රල් දමා ගිනි තබා තිබිණි. වාසනාවට ගින්න පැතිර ගියේ නැත.

සිද්ධිය වී දින තුනක් යන්නට පෙර අපරාධයට සම්බන්ධ මුල් දාමය අත් අඩංගුවට ගැනීමට අක්කරෙයිපත්තු පොලිසියට හැකි විය. එහි සැකකරුවන් තුන් දෙනෙක් වූහ. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදි ඉනියභාරතී විසින් ලේඛනාගාරය තිබෙන ස්ථානය සහ විනාශ කළ යුතු ස්ථාන පැහැදිළිව දැක්වෙන ඡායාරූප වට්ස් ඇප් මගින් තමාගේ ජංගම දුරකතනයට එවූ බවත් ඒ ඔස්සේ අධිකරණ භූමියට 2022/12/ 21 වැනදා අලුයම් කාලයේ බවත් රහසේ ඇතුළු වී මෙම ගිනි තැබීම කළ බවත් ඔවුහු හෙළි කළහ.

ඒ සඳහා රුපියල් 50,000ක් ගිනි තැබීමට පෙර මෙම සැකකරුවන් අතට ඉනියභාරතී විසින් ලබා දී තිබිණි. ගිනි තැබීමට හේතුවක් තිබිණි. ඒ වනවිට ඉනියභාරතී බෙල්ල මුලින් හසුවන නඩු හතක් අක්කරෙයිපත්තු උසාවියේ විභාග වෙමින් තිබුණේය. කුප්‍රකට තරුණයින් 06 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ඉන් ප්‍රධාන එකය.  උසාවියට ගිනි තැබීමේ මුඛ්‍ය හේතුව මේ ලිපිගොනු විනාශ කිරීම බව අනාවරණය විය.

සිද්ධිය මාට්ටු වෙනවාත් සමග ඉනියභාරතී ප්‍රදේශයෙන් පලා ගියේය. එහෙත් ඉන් ඉදිරියට විමර්ශන කටයුතු කරගෙන යෑමට අක්කරෙයිපත්තු පොලිසියට හැකිවන්නේ නැත. හේතු කීපයක් තිබිණි. දේශමාන්‍ය ගෞරව නාමය ද සහිත මේ අපරාධකරුවාට ඒ වනවිට පොලිස් ආරක්ෂාව ද පැවති රජයන් විසින් ලබා දී තිබිණි. ඒ තත්ත්වය තුළ අක්කරෙයිපත්තු පොලිසිය ඉනියභාරතී අත් අඩංගුවට ගැනීම ප්‍රශ්නසහගත වූයේය. අක්කරෙයිපත්තු පොලිසියෙන් ගලවා විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්නේත් ඒ නිසා බව කියැවිනි.

කෙසේ වෙතත් එතැන් සිට ඒ විමර්ශනය යට ගියේය. හේතුවක් දන්නේ ඒ අපරාධ විමර්ශන කණ්ඩායම්ය.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉනියභාරතී අත් අඩංගුවට ගන්නේය . ඒ තමන් විසින් සම්පූර්ණ නොකළ විමර්ශනය අඩමානයට තබමින් තවත් ප්‍රබල අපරාධ චෝදනා 07ක් ගොනු කරමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් හි ඉනියභාරතී නවාතැන් ගෙන සිටි ප්‍රදේශය වටලා ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

මේ විමර්ශනත් සමග අක්කරෙයිපත්තු උසාවියට ගිනි තැබීමේ අපරාධයත් නැවැත්වූ තැනින් විමර්ශන ආරම්භ කරනු ඇතැයි රට අපේක්ෂා කරයි.

මේ ලිපිත් බලන්න….

අක්කරෙයිපත්තුව උසාවියට ගිනි තිබ්බේ කරුණාගේ ගෝල “දේශමාන්‍ය“ ඉනිය පාරතීගේ කොන්ත්‍රාත්තුවකට!

පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි…

Next Post

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගෙන්වූ සමාගම් ගැන තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිදරවු කරගන්න පෙරටුගාමීන් සැරසෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.