බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රට ගිනි ගන්නා අතර දෙවියන් සොයා ගිය තිරුපති බැතිමතා!

by editor
දෙසැම්බර් 26, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ වයඹ විශ්විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාය. ඔහු කෘෂි කර්ම ආර්ථික කළමනාකරණය සම්බන්ධව මේ රටේ සිටිනා ප්‍රභූ විද්වතෙකි. පසුගිය 22 දා වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් පහ කළේය.

  • ඇමතිත් නොදැන ගෙදර යැවූ ලේකම්

ඔහු තනතුරින් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ දැනගෙන සිටියේ නැත. ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකාවක් ලෙස හඳුන්වා දුන් තැනැත්තියක් හිටිවනව පසුගිය 22 දා අඟහරුවාදා දුරකථන ඇමතුමක් දී ඔහුව සේවයෙන් ඉවත් කළ බව දන්වා තිබිණි.

ඒ වනවිට ලේකම්වරයා සිටියේ චීන පොහොර නැවේ වන්දිය ඩොල් මිලියන 05කින් අඩු කරගැනීම සඳහා වූ ලේඛන බේරුම්කරණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සකස්කරමිනි.

මේ ඉවත් කිරීමට බලපෑ හේතු කිහිපයක් තිබිණි. රටේ කෘෂිකර්මාන්තය ඇද දමා ඇති බිහිසුණු ස්වරූපය සම්බන්ධව දැනගෙන සිටි රජයේ කෘෂිකර්ම වගකීම් දරන සෑම විද්වතෙක්ම ජනාධිපතිවරයා මෙන්ම රටත් ආරක්ෂා කරගැනීමේ අදහසින් ඉදිරිපත් වී කටයුතු කළ අවස්ථා තිබිණි. එක් අවස්ථාවක රසායනික යෙදවුම් සම්බන්ධව කෘෂිකර්ම ලේකම්වරයා ප්‍රකාශයක් කරමින් යම් ප්‍රමාණයකට ඒවා ආනයනය කිරීමේ අවශ්‍යතාවයත් වැදගත් වන්නේ පරිසර හිතකාමී ගොවිතැන බවත් කීවේය. පසුදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් කීවේ තව එක් වරක් හෝ එවැනි කතාවක් කියන කවරෙක් වුවත් එළවා දමන බවය. පසුගිය 21දා කෘෂිකර්ම ලේකම්වරයා රටේ සාගයක් ඇති විය හැකි බව කීවේය. මේ වැඩපිළිවෙළ ඇන්නවූ උපදේශකයන් දැන් ලොවෙත් නැති බව කීවේය.  එම ප්‍රකාශය කර පැය 24ක් තුළ ඔහුව ඉවත් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“ මා චීනයට ලබා දීමට යන ඩොල්ර් මිලියන 6.7ක වන්දි මුදලින් ඩොලර් මිලියන 5ක් අඩු කරගත හැකි ආකාරය සම්බන්ධව නෛතික ලියැවිල්ල සකස් කරමින් හිටියෙ. අපි කළ ප්‍රසම්පාදන කටයුත්ත අනුව ඒ අවකාශය අපට තිබුණා. සමහරවිට මා ඉවත් කරන්න හේතුව මේ වන්දිය අඩු කිරීමට කටයුතු කිරීම වෙන්නත් පුලුවන්“

කෘෂිකර්ම ලේකම්වරයා කීවේ සිතන්නට බොහෝ දේ ඉතිරිකරමිනි.

මේ අතර බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමතිවරයා ගෙවතු වගා සංග්‍රාමයක් යෝජනා කළේය.  ඔහු කීවේ හිඟයක් එනවා නම් හොඳම දේ වගා කරගැනීම බවය. එහෙත් ඇත්තම ප්‍රශ්නය වූ සාගතයකට මූලික හේතුව   වගා කරන එකාට අවශ්‍ය මූලික යෙදවුම් ලබා නොදීම බවත්, හැම එකාම ලවා වගා කරවීමට යෝජනා කරන්නේත් යෙදවුම් කිසිවක් නැති පරිසරයක බවත් කෘෂි විද්වත්හු ඇමතිවරයාට පෙන්වා දුන්හ.

  • තිරුපති බැතිමතා

මේ සියල්ල අතරේ අගමැති මහින්ද තිරුපති ගියේය. පසුගිය 23 දා ඔහු දෙදින අධ්‍යාත්මික චාරිකාවක් සඳහා තිරුපති කඳුකර කෝවිලට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තිරුපති ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය මහ ඇමති කේ නාරායනස්වාමි සහ දිස්ත්‍රික් නිලධාරී  එම් හරිනාරායන ප්‍රමුඛ චිත්තූර් දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. තිරුපති දේවාලය පිහිටි කඳුකරයේ දැඩි ආරක්‍ෂාවක් සහිත අමුත්තන්ගේ නිවසක එදින රාත්‍රියක් නවාතැන් ගැනීමෙන් පසු, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු   අගමැතිවරයා, අලුයම වන විට සිද්ධස්ථානයට ගොස්, වෙන්කටේශ්වර දෙවියන්ගේ ප්‍රධාන දෙවියන්ට වැඳ නමස්කාර කළේය.

ඊට පෙර, සිද්ධස්ථානයේ ‘මහද්වාරම්’ වෙත පැමිණි අගමැතිවරයා ට  විහාරස්ථානයේ ඉහළ නිලධාරීන් සමඟ වෛදික පූජකවරුන් විසින් උත්කර්ෂවත් සම්ප්‍රදායික පිළිගැනීමක්  ලබා දුන්නේය.

වැඳපුදා ගැනීමෙන් අනතුරුව, විහාරස්ථානයේ ප්‍රධාන පූජකවරුන්, වේද ගායනා මධ්‍යයේ, කඳුකරයේ පිහිටි ශ්‍රී රංගන මණ්ඩපයේ දී රාජපක්ෂ යුවළට ආශිර්වාද  කළේය.

ටයිම්ස් ඔෆ් ඉන්දියා කීවේ   වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිවරයා   අතීතයේ දී,   රටේ ජනාධිපතිවරයා ලෙසත්, දැන් දිවයිනේ ජාතියේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, පෞරාණික කඳුකර පුදබිම වැඳපුදා ගෙන ඇති බවය.  අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු මෙම කෝවිලට පැමිණි    දෙවන අවස්ථාව මෙය බව එම නිලධාරියා කීය.

  •  බැසිල් ගමේ ගිය අතරේ…

පාර්ලිමේන්තු වාර අවසානයත් සමගම බැසිල් ගමේ ගියේය.   පසුගිය  (15)අලුයම   2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් එතැනින් ඇමරිකාව බලා පිටත්වුනේය. බැසිල් රටින් පිටවී දින 06කින් ඉන්ධන මිල ඉහළ ගියේය. පසුගිය 21 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය ඉන්ධන මිල සම්බන්ධව කතාකළ කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම රටේ ඩොලර් සංචිත කළමනාකරණය කරගැනීම සඳහා මෙම තීන්දුව ගත් බව කීවේය.  මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩිකිරීමේ අමුණ පරිභෝජනය අවම කිරිම බවය. මසකට ඉන්ධන සඳහා වැයවන ඩොලර් මිලියන 400, 250 සීමාවේ තබා ගැනීම ඉන්ධන මිල වැඩිකිරීම රුකුලක්වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. වාසු කූපන් ක්‍රමයකට ඉන්ධන බෙදූ දෙවන ලෝක යුද්ධය කාලයේ අත්දැකීම නැව ප්‍රායෝගික කළ යුතු බව පවසන විට ඇමති ජොන්සටන් කීවේ රටේ මිනිස්සුන්ව බේරාගැනීම ඉන්ධන මිල පාලනයට වඩා වැදගත් බවය.

අවසානයේ දී අපේක්ෂා කළ යුතු ලෙස සියලුම භාණ්ඩ මිල ඉහළ ගියේය. උද්ධමනය දශකයකාධික කාලයකට පසු ඉලක්කම් දෙකකින් නිරූපණය විය. ඉදිරියේ දී එන නියඟයත් සමග විදුලි කප්පාදුවකට හෝ විදුලි බිල වැඩිවීමකට යෑමට අනිවාර්යෙන් සිදුවන බව ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරමින් සිටිති.

  • ඩොලර් සංචිත

රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේ මේ සතිය අවසන් වනවිට රටේ පවතින්නේ විදේශ සංචිත බිලියන 1.1ක් පමණක් බවය. ඩොලර් බිලිනයක ණයක් සොයා ගැනීම සඳහා රජය චීනයෙන් සහ ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.     මේ අවදානම් සහගත තත්වය පසුගිය සඳුදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී  සාකච්ඡාවට බඳුන් විය.  ඉන්ධන මිල ඉහළ යෑම, ගෑස් හිඟය, ගෑස්  පිපිරීම්  බඩුමිල ඉහළ යෑම වළක්වා ගැනීම ගැන  මෙන්ම  විදේශ සංචිත වර්ධනය කර ආර්ථික සංවර්ධනය සඳහා දියත් කළ හැකි  වැඩපිළිවෙළ ගැන  දීර්ඝ සංවාදයකට ලක් කර තිබිණි.

ඉන් අනතුරුව බලශක්ති ඇමති උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයේ සිදුවූ සිදුවීම් සහ පියවර ගැන ජනපතිවරයා ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.

“ පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඔබතුමා සහභාගී වුණේ නෑ. එදත් විදේශ සංචිත   වර්ධනය කරගන්නා ආකාරය ගැන දීර්ඝ සාකච්ඡා කළා. බහුතරයකගෙ මතය වුනේ වත්මන් අර්බුදයෙන් මිදෙන්න IMF යා යුතුයි කියලා. වාසුදේව ඇමතිතුමා ඇතුළු තවත් කීපදෙනෙක් හැර අනෙක් බහුතරයකගේ මතය වුනේ නොපමාව IMF යායුතු බවයි. අපි IMF නොයන්නෙ ඇයි?“

එවිට ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“IMF යන්න කියන කොටසක් ඉන්නවා. එපා කියන අය ඉන්නවා. රටට හොඳ දේ කරමු. කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලා මොනවා කිව්වත් භාණ්ඩාගාර ලේකම් හා මහබැංකු අධිපති කියන්නෙ IMF යන්න එපා කියලා. ඊලඟ කැබිනට් එකට මම මේ දෙන්නට එන්න කියනවා. ඔයාලට පුලුවන් මේ අය සමග විවෘත සාකච්ඡා කරන්න. පොදු එකඟතාවයකට ඇවිත්  මීලඟ කැබිනට් එකේදි තීරණයක් ගනිමු.“

  • දේශපාලන සූදානම

මේ වනවිට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සූදානම් වන්නේ පවතින අවස්ථාවේ වැඩි භාගය තමන් වෙත නතු කරගන්නටය. එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විනි. ඒ සඳහා හිටපු ආණ්ඩුකාරවරුන්වන අසාද් සාලි, කීර්ති තෙන්නකෝන් ද  නීතිඥ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, ගුණරත්න වන්නිනායක ඇතුළු පිරිසක් එක් වී සිටියේය. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ශිරාල් ලක්තිලක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන සහ රනංගේ බණ්ඩාර එක් විය. සාකච්ඡාවේ දී එජාප පාර්ශවය අවධාරණය කර තිබුණේ කුමණ හෝ සන්ධානයකට යනවා නම් ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ගොඩනැගිය යුතු බවය.

මේ අතර පසුගිය 20 දා   ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් යුත් “ජාතික ජන බලවේගය” පක්ෂයේ නියෝජිත සමුළුව   ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් පැවැත්විනි.

“බිඳ වැටුණු මව්බිම ගොඩනඟන විසඳුම” මැයෙන් පැවැත්වුණු මෙම සමුලුවෙහි  නවක මුහුණු රැසක් දක්නට ලැබිණි. විද්වත් පර්ශද සහ කලා ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසක් මේ ගොනුව වටා  එක් වී සිටියහ. ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සමුළු ජනවාරි 2 සහ 5 දිනවල පැවැත්වීමට කටයුතු සැලසුම් කරන අතරම සර්ව ආගමික නායකයින් හමුවී වත්මන් පාලනයේ පවතින ව්‍යසනකාරී තත්වය පිළිබඳවත් සිය දේශපාලන ගමනේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණය කෙරිනි. එමෙන්ම ජනවාරියේ සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට ද ජාතික ජන බලවේගය සැලසුම් කරමින් සිටියේය.

  • ශ්‍රීලනිප – ජවිපෙ එකතුව

මේ සතියේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මහ ලේකම් ජවිපේ සමග එකතු විය හැකි බව කී ප්‍රකාශයය. සුපිරිසිදු ජනතා විමුක්ති පෙරමුණ සමග මිනීමරුවන්, දූෂිතයන් සහ  වංචාකරුවන් නැති සුපිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී යම් ගමනක් යෑමේ විභවයක් ඇති බව ඔහු පැවසුවේය.

දයාසිරිගේ මේ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයත් ඇවිලුවේය.  අභ්‍යන්තර විරෝධයක් දයාසිරිට එල්ලවන්නේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නා ස්ථරවල දී සංවාදයකට ලක් නොකළ කාරණයක් හිතුමතේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැනය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ පක්ෂවලට වඩා පුද්ගලයින් ජාතික ජන බලවේගය වටා ගොනු කරගැනීම සිය අභිලාෂය බවය.

සමගි ජන බලවේගය  මේ වනවිට රෑටත් පන්දම් පත්තු කරගෙන පාරට බැස සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් ඇත්තේය. මේ අතර රට පුරාම ලබන වසර තුළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඔවුන් සැලසුමකය.

මේ අතර පසුගිය සඳුදා උදේ විපක්ෂ නායකවරයාත්, සවස සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකත් සිරගත වී සිටින රන්ජන් රාමනායක දකින්නට වැලිකඩ ගියේය.  මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමිනි.

මෙහිදී රන්ජන් විශේෂ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කර තිබුණේ පවතින දුක් ගැහැට තීව්‍ර බවත් හැකි ඉක්මනින් මේ ස්ථානයෙන් නිදහස් වී එළියට පැමණීමට උදව් කරන ලෙසත්ය.  සජිත් සහ තිස්ස කියා තිබුණේ තව ටික දවසක් ඉවසන ලෙසය. ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඔහුව නිදහස් කරගැනීම සඳහා පෙළ ගැසෙන බව සජිත් මේ දෙපළ රන්ජන්ට පොරොන්දු වී තිබිණි.

  • කෙහෙළිය ගැන සජිත්ගෙන් ලැබුණු සහතිකය.

වර්නය කරමින් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නියෝජිත පිරිසක් සතිය මැද විපක්ෂ නායක කාර්යාලයේ දී    විපක්ෂ නායක සජිත්ව හමුවුණේය. ඒ සිය වැඩවර්ජනය සම්බන්ධව දැනුම්වත් කිරීමටය. ජීඑම්ඕ නියෝජතවරු දිගින් දිගටම සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන විස්තර කරමින් සිටියහ.

නිශ්ශබ්දව සියල්ල අසා සිටි සජිත් මෙසේ කීවේය.

“කෙහෙලිය කියන්නෙ හොඳ ඇමතිවරයෙක්.  ඔහු සමග වැඩ කරන්න පහසුයි. වර්ජනය නවත්වලා ඇමතිවරයා මුණගැහිලා සාකච්ඡා කරන්න. ඔහු ඕනෑම අයෙකුට ඇහුම්කන් දෙන ඇමතිවරයෙක්. “ ජීඑම්ඕඒ නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයෙන්  එලියට බැස තිබුණේ ප්‍රසන්න හැඟීමකින් නොවේ.

‍මෙම වෛද්‍ය වර්ජනය මේ රටේ මිනිස්සුන් හොඳටෝම රිදවා තිබිණි. සාධාරණ පදනමක් නොපෙනන ලාභ වෘත්තීය මදාවිකමකට වඩා වැඩි දෙයක් එතැන සිදුවී නොතිබුණු බව පෙනුනි. රෝගීහු දොස්තරලාට හෙණ ඉල්ලමින් හඬා වැටෙන ආකාරය දැකිය හැකි විය.

ජීඑම්ඕඒ සහ ඇමති කෙහෙලිය අතර ඇති වූ විරසකයට ප්‍රධානම හේතුවක් වී තිබුණේ කෙහෙලිය ඇමතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීඑම්ඕඒ විසින් පවත්වාගෙන ගිය කාර්යාලය වෙනත් පරිපාලන අවශ්‍යතාවයක් සඳහා ලබා දීමට කටයුතු කිරීමය.

මේ සම්බන්ධව ඇමති කෙහෙලිය හා රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත සිටි රැස්වීමක දී ජී.එම්.ඕ.ඒ නියෝජිත නවීන් සොයිසා විසින් ප්‍රශ්න කර තිබිණි. එහිදී  සෞඛ්‍ය ඇමතිවරයා කීවේ එසේ විශේෂත්වයක් වෘත්තීය සමිතියකට ලබා දිය නොහැකි බවත් මේ පදනමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම වෘත්තීය සමිතියකටම කාමර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන බවත්ය.  එහිදී වෛද්‍ය නවීන් සොයිසා වියරුවෙන් මෙන් ඇමතිවරයා විවේචනය කරනු ලබා සිටි රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මැදිහත් වුනේය. වෛද්‍ය නවීන් සොයිසා තව එක අවලම් වචනයක් හෝ ප්‍රකාශ කළොත් සිදුවිය හැකි දේ ගැන තමන් වගකියන්නේ නැති බව ලොහාන් රත්වත්ත විසින් සන්නිවේදනය කිරීමත් සමග නවීන් සොයිසාගේ නරිවාදම නැවතී තිබිණි.

වෛද්‍ය වර්ජනය නැවතී ගියේ එය සමාජය තුළින්ම ප්‍රතික්ෂේප වී දැඩි විරෝධතාවයක් සහිතව කුජීත වීමෙන් පසුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශිකයෙක් හා විවාහ වෙන්න නම්  විදේශිකයාගෙන් ආරක්ෂක නිශ්කාශන වාර්තාවක් ඉල්ලන චක්‍ර ලේඛයක්!

Next Post

ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ  විදේශ අමාත්‍යාංශ සේවකයින් දෙදෙනෙක් පවුල් පිටින් “ගල් වෙලා“

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.