අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශිකයෙක් හා විවාහ වෙන්න නම්  විදේශිකයාගෙන් ආරක්ෂක නිශ්කාශන වාර්තාවක් ඉල්ලන චක්‍ර ලේඛයක්!

by editor
දෙසැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මින් ඉදිරියට විදේශිකයෙකු හා විවාහ වීමට කැමති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විවාහය ලියාපදිංචි කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්’  ලබා ගැනීමට  නිර්දේශ  වී තිබේ.

ඊට අමතරව, විදේශීය කලත්‍රයන්ට වෛද්‍ය ඉතිහාසය, නිදන්ගත රෝග සහ ඔවුන් COVID-19 වැළඳී තිබේද නැතහොත් එන්නත ලබා ගත්තේද යන්න විස්තර කරන ස්වයං ප්‍රකාශිත සෞඛ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමටද කළ යුතුව ඇත.

ඔවුන්ට කිසියම් රෝගී තත්වයක් ඇති බව හඳුනාගනු ලැබුවහොත් වෛද්‍ය ප්‍රතිකාර  අදාළ සියලුම වියදම් පුද්ගලිකව දැරීමට අවශ්‍යයැයි   ඔවුන් දන්නා බව ප්‍රකාශ කළ යුතු යැයි  චක්‍රලේඛයේ සඳහන් වේ.

ජාතික ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නව රෙගුලාසිය කෙටුම්පත් කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී.  වීරසේකර සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. “මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි යටි චේතනා ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට කැමති බව අප දැකලා තියනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ පුරවැසියන් විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි අකටයුතුවලට සම්බන්ධ නොවන බවට වග බලා ගැනීමයි”  රෙජිස්ට්‍රා ජනරාල්වරයා  පවසා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී දැනට පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ඇති හිඩැස්වලින් ඇතැම් පාර්ශ්ව ප්‍රයෝජන ගත් ආකාරය   අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.

පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය යටතේ, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, සිවිල් තත්ත්වය තහවුරු කිරීමේ සහතිකයක් සහ උප්පැන්න සහතිකයක් – ලේඛන තුනක් පමණි.

කෙසේ වෙතත්, නව ක්‍රියාවලිය යටතේ, අදාළ රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත් සහතියක  මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ශ්වය හරහා හෝ ඒජන්සිකරුවෙකු හරහා එම දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත එවිය යුතු අතර, එම කාලයට අදාල මාසය හයක් තුළ කිසිදු වරදකට වරදකරුවන් නොවන බව පෙන්නුම් කළ යුතුය.

‘ආරක්ෂක නිෂ්කාශන වාර්තාව’ ලබා ගැනීම දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙන බව චක්‍රලේඛයේ සඳහන් වේ. ඉන්පසුව, විවාහය ලියාපදිංචි කරන අතිරේක දිස්ත්රික් රෙජිස්ට්‍රා වෙත භාර දීමට  දේශීය පාර්ශවයට බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

එවැනි විවාහයන් පිළිබඳ නිවේදන ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර්වරුන්ට   පිළිගත නොහැකි අතර අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ට පමණක්  ඒ ක්‍රියාවලිය සඳහා අවසර දී තිබේ.

චක්‍රලේඛයට අනුව රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමෙන් පසු පල්ලිවල විවාහය සිදු කළ හැකිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චම්පික ගමනක…. බංකොලොත් රටට වැඩපිළිවෙළක් අරන් මහ නා හිමිවරුන් බැහැ දකියි

Next Post

රට ගිනි ගන්නා අතර දෙවියන් සොයා ගිය තිරුපති බැතිමතා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.