ජීනිවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙන්නෙක් සේවා කාලය අවසන් වන විටම ස්විස්ටර්ලන්තයේ ජිනීවා වලින් අතුරුදහන් වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මෙසේ අතුරුදහන් වූ එක් පුද්ගලයෙක් රියදුරෙක් බවත් අනික් කෙනා ගිණුම් නිලධාරිනියක් බවත් වාර්තා වේ.
අතුරුදහන් වී ඇති කාන්තාව පලා ගොස් ඇත්තේ සිය ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනාත් සමගය.
මේ විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ තමන් සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බවය.