අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය හෙට (27) උදෑසන 10 දක්වා තාවකාලිකව නතර කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළේය.
සභාපතිවරයා පැවසුවේ බලධාරීන් සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය. කෙසේ වෙතත් ඔවුන් ඉල්ලූ ඉල්ලීම් වලින් ඉල්ලීම් 10ක් ලබා දීමට දුම්රිය සමාන්‍යාධිකාරීවරයා ඊයේ සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.