fbpx
සඳුදා, ඔක්තෝබර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ආයුධ පාවිච්චි නොකරන්නැයි ඉහළින් උපදෙස් දීලා!ඇමති ප්‍රසන්න කියයි

Lanka Sara Editor by Lanka Sara Editor
අප්‍රේල් 24, 2023
in දේශපාලන
0
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ මැයි මස 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් ගාලු මුවදොර ගෝටාගෝගම පරිශ්‍රයට කළ මැර ප්‍රහාරයෙන් පසුව රට තුළ හට ගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා පාලනයේදී ආයුධ භවිත නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහළන් නියෝග ලැබී තිබුණු බවට තමන් දැනුවත්ව සිටි බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් ඇති බවත් එබැවින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අමාත්‍යවරයා යෝජනා කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍යවේදීන් විසින් නනගන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.

ප්‍රශ්නය – ඔබ මානව හිමිකම් කොමිසමට ආවේ ඇයි?

පිළිතුර– 2021 මැයි 9 වැනිදා නිවාස ගිණි තැබීමෙන් අපේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමෙන් මට කැඳවීමක් ලැබුණා. ඒ අනුව මම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – මොනවද ලබාදුන්න තොරතුරු ?

පිළිතුර– මගේ නිවස ගිණි තියනකොට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් ඒ ස්ථානයේ හිටියා. ඔවුන් අවම බලය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳත්, ගිණි තැබීමේ සිද්ධියෙන් පසුව පරීක්ෂණ කටයුතු සාධාරණව සිදු නොවීම පිළිබඳව හා මින් ඉදිරියට එවැනි සිදුවීම් නොවීමට වග බලා ගැනීම ගැන නිලධාරින් දැනුවත් කළා.

ප්‍රශ්නය– ඔබගේ නිවාස ගිණි තැබීම ගැන පමණද කතා කළේ?

පිළිතුර– නෑ… මන්ත්‍රීවරුන් වගේම නිවාස ගිණි ගැනීමට ලක්වීම ගැන පැමිණිලි කළ අයත් වරින් වර කැඳවල තිබුණා. මටත් මීට කලින් කැඳවීමක් ලැබිල තිබුණා. මට එන්න බැරිවුණා. අද ලැබුණු කැඳවීමට ඇවිල්ලා තොරතුරු දුන්නා.

ප්‍රශ්නය– මෙවැනි සිදුවීමකදී දණහිසෙන් පහළට වෙඩි තියන්න පොලිසියට පුළුවන්. නමුත් මෙතනදි පොලිසිය බලාගෙන හිටියේ ඉහළින් ලැබුණු නියෝග නිසාද?

පිළිතුර– ඒක තමයි’ අපිටත් තිබෙන ගැටලුව. මෙතනදි ඒ ගැනත් සාකච්ඡා කළා. පොලිසිය හා හමුදාව එකම ආකාරයට හැසිරීම ගැන ගැටලුවක් තියෙනවා. ඒ සදහා අනුබල දුන්න අය කවුද කියල හොයන්න ඕන. ආයුධ පාවිච්චි නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහලින් නියෝග ලැබුණු බවට අපිව දැනුවත් වෙලා තිබුණා.

ප්‍රශ්නය– හිටපු ඇමති සරත් වීරසේකර කියල තිබුණා මේ ගැන පොලිසිය සම්බන්ධවත් පරීක්ෂණයක් කරන්න ඕන කියල?

පිළිතුර- මම කියන්නේ පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරල මේ ගැන හොයන්න ඕන කියලයි. මොකද මෙවැනි සිදුවීමක් ගැන බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක මෙවැනි දෙයක් සිදුවීම ගැන අපටත් ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– මානව හිමිකම් කොමිසමට වඩා තැනක් තිබුණේ නැද්ද ?

පිළිතුරු– ඒක තමයි පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරලා මේ ගැන හොයන්න කියන්නේ. මේක ගෝල්ෆේස් අරගලය එක්ක ඇතිවුණ සිදුවීමක් කියල හුදකලා කරන්න බැහැ.මොකද මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක ආරක්ෂක ලේකම්තුමා, පොලිසිය,හමුදාව කටයුතු කළේ කොහොමද කියල අපිට ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– ගෙවල් ගිණි තැබීම සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවුණේ ජනතා විමුක්ති පෙරමුණටයි.

පිළිතුර– මම අදත් වගකීමෙන් කියනව මගේ ගෙදර ගිණි තියන්න ආපු පුද්ගලය තමයි මිනුවන්ගොඩ රැස්වීමේ ප්‍රධාන කතිකයා වුණේ. අරගලයට කලින් අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට හෙල්මට් දා ගත්තු පුද්ගලයෙක් එතුමගෙ කැබ් එකට නැග්ගා. මේ පහරදීම් හැම එකකටම හෙල්මට් කල්ලියක් සම්බන්ධයි. මේ සම්බන්ධකම් ගැන හොයන්න කියල අපි කොමිසමේන් ඉල්ලුවා.

ප්‍රශ්නය– අරලියගහ මන්දිරයේ රැස්වීමෙන් පසුව ගෝල්ෆේස් එකට පහරදීපු නිසානෙ මෙවැනි සිද්ධියක් වෙන්න. එදා ඒ පහරදීම වළක්වා ගත්තා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ නේද?

පිළිතුර– මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. ඇයි වළක්වා ගන්න බැරි වුණේ. මේක සැලසුම් සහගත වැඩක්.

ප්‍රශ්නය– ඔබ නියෝජනය කරන පක්ෂයට මේක වළක්වා ගන්න තිබුණනේද?

පිළිතුර– මම හිතනව එහෙම වුණා නම් හොඳයි කියල. නමුත් යම් සිදුවීමක් වුණා. ගෝල්ෆේස් එකේ සිද්ධියට සම්බන්ධ අය එක්ක ගණුදෙනුව බේරගන්නව මිසක රටේ අහිංසක මිනිස්සුගෙ ගෙවල් ගිණි තියන එක වැරදියි. මම එදා අරලියගහ මන්දිරයට ගියේ නැහැ. ඒත් මගේ ගේ ගිණි තිව්වා. රැස්වීමට නොගිය මගේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ ගෙවලුත් ගිණි තිව්වා. ඒව දේශපාලන උවමනාවක් මත වුණ දෙයක්.කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකළ දෙයක් බව මම වගකීමෙන් කියනවා.

ප්‍රශ්නය– අරගලයට පහර දෙන්න නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධ වුණා.

පිළිතුර– ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් මිනිස්සු කුලප්පු කරපු ආගමික නායකයෝ, කලාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය ගත්තු පියවර මොකක්ද. නීතිය හැමෝටම එකක් වෙන්න ඕන.

Tags: නවතම
Share74Tweet46

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් එක් වෙයි

Next Post

නිදහස් කරගැනීමේ ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් නිදහස් නොකිරීම නිසා නොමිලේ ලැබුණු බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වෙයි….

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?
දේශපාලන

සබ්රි මේ තරම් ගොබ්බ ද?

සැප්තැම්බර් 27, 2023
හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!
දේශපාලන

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

සැප්තැම්බර් 20, 2023
easter-attack
දේශපාලන

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

සැප්තැම්බර් 4, 2023
Next Post
බිලියන39ක වෛද්‍ය ආධාර නිදහස් කරන්න රජය සල්ලි දෙන්නේ නෑ…  විකල්පය ජනතාවගේ පිහිට පමණයි… පූජ්‍ය රජවැල්ල සූභූති හිමි

නිදහස් කරගැනීමේ ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් නිදහස් නොකිරීම නිසා නොමිලේ ලැබුණු බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වෙයි....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    740 shares
    Share 296 Tweet 185
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    509 shares
    Share 204 Tweet 127
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    172 shares
    Share 69 Tweet 43
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    261 shares
    Share 104 Tweet 65
  • වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

    229 shares
    Share 92 Tweet 57
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    219 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ගුවනේ දි ගුවන් යානා  ගැටෙන්න ගියෙ නෑ…  ශ්‍රී ලංකන් කියයි…

ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර….

by editor
ඔක්තෝබර් 1, 2023
0

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

by editor
ඔක්තෝබර් 1, 2023
0

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

වල්ලා පට්ටා කිලෝ 45 ක් සමග විශ්‍රාමික බැංකු කලමණාකරුවෙකු අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

by editor
ඔක්තෝබර් 1, 2023
0

Arrested

කුඩු අංජුගේ ගෝලයන්ට ඇඳගෙන ලක්ෂ 30ක කප්පමක් ගන්නට ගිය පොලොන්නරුවේ හාදයන් 02ක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඔක්තෝබර් 2, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!
  • මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.