අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ආයුධ පාවිච්චි නොකරන්නැයි ඉහළින් උපදෙස් දීලා!ඇමති ප්‍රසන්න කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 24, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ මැයි මස 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් ගාලු මුවදොර ගෝටාගෝගම පරිශ්‍රයට කළ මැර ප්‍රහාරයෙන් පසුව රට තුළ හට ගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා පාලනයේදී ආයුධ භවිත නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහළන් නියෝග ලැබී තිබුණු බවට තමන් දැනුවත්ව සිටි බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් ඇති බවත් එබැවින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අමාත්‍යවරයා යෝජනා කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍යවේදීන් විසින් නනගන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – ඔබ මානව හිමිකම් කොමිසමට ආවේ ඇයි?

පිළිතුර– 2021 මැයි 9 වැනිදා නිවාස ගිණි තැබීමෙන් අපේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමෙන් මට කැඳවීමක් ලැබුණා. ඒ අනුව මම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – මොනවද ලබාදුන්න තොරතුරු ?

පිළිතුර– මගේ නිවස ගිණි තියනකොට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් ඒ ස්ථානයේ හිටියා. ඔවුන් අවම බලය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳත්, ගිණි තැබීමේ සිද්ධියෙන් පසුව පරීක්ෂණ කටයුතු සාධාරණව සිදු නොවීම පිළිබඳව හා මින් ඉදිරියට එවැනි සිදුවීම් නොවීමට වග බලා ගැනීම ගැන නිලධාරින් දැනුවත් කළා.

ප්‍රශ්නය– ඔබගේ නිවාස ගිණි තැබීම ගැන පමණද කතා කළේ?

පිළිතුර– නෑ… මන්ත්‍රීවරුන් වගේම නිවාස ගිණි ගැනීමට ලක්වීම ගැන පැමිණිලි කළ අයත් වරින් වර කැඳවල තිබුණා. මටත් මීට කලින් කැඳවීමක් ලැබිල තිබුණා. මට එන්න බැරිවුණා. අද ලැබුණු කැඳවීමට ඇවිල්ලා තොරතුරු දුන්නා.

ප්‍රශ්නය– මෙවැනි සිදුවීමකදී දණහිසෙන් පහළට වෙඩි තියන්න පොලිසියට පුළුවන්. නමුත් මෙතනදි පොලිසිය බලාගෙන හිටියේ ඉහළින් ලැබුණු නියෝග නිසාද?

පිළිතුර– ඒක තමයි’ අපිටත් තිබෙන ගැටලුව. මෙතනදි ඒ ගැනත් සාකච්ඡා කළා. පොලිසිය හා හමුදාව එකම ආකාරයට හැසිරීම ගැන ගැටලුවක් තියෙනවා. ඒ සදහා අනුබල දුන්න අය කවුද කියල හොයන්න ඕන. ආයුධ පාවිච්චි නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහලින් නියෝග ලැබුණු බවට අපිව දැනුවත් වෙලා තිබුණා.

ප්‍රශ්නය– හිටපු ඇමති සරත් වීරසේකර කියල තිබුණා මේ ගැන පොලිසිය සම්බන්ධවත් පරීක්ෂණයක් කරන්න ඕන කියල?

පිළිතුර- මම කියන්නේ පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරල මේ ගැන හොයන්න ඕන කියලයි. මොකද මෙවැනි සිදුවීමක් ගැන බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක මෙවැනි දෙයක් සිදුවීම ගැන අපටත් ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– මානව හිමිකම් කොමිසමට වඩා තැනක් තිබුණේ නැද්ද ?

පිළිතුරු– ඒක තමයි පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරලා මේ ගැන හොයන්න කියන්නේ. මේක ගෝල්ෆේස් අරගලය එක්ක ඇතිවුණ සිදුවීමක් කියල හුදකලා කරන්න බැහැ.මොකද මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක ආරක්ෂක ලේකම්තුමා, පොලිසිය,හමුදාව කටයුතු කළේ කොහොමද කියල අපිට ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– ගෙවල් ගිණි තැබීම සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවුණේ ජනතා විමුක්ති පෙරමුණටයි.

පිළිතුර– මම අදත් වගකීමෙන් කියනව මගේ ගෙදර ගිණි තියන්න ආපු පුද්ගලය තමයි මිනුවන්ගොඩ රැස්වීමේ ප්‍රධාන කතිකයා වුණේ. අරගලයට කලින් අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට හෙල්මට් දා ගත්තු පුද්ගලයෙක් එතුමගෙ කැබ් එකට නැග්ගා. මේ පහරදීම් හැම එකකටම හෙල්මට් කල්ලියක් සම්බන්ධයි. මේ සම්බන්ධකම් ගැන හොයන්න කියල අපි කොමිසමේන් ඉල්ලුවා.

ප්‍රශ්නය– අරලියගහ මන්දිරයේ රැස්වීමෙන් පසුව ගෝල්ෆේස් එකට පහරදීපු නිසානෙ මෙවැනි සිද්ධියක් වෙන්න. එදා ඒ පහරදීම වළක්වා ගත්තා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ නේද?

පිළිතුර– මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. ඇයි වළක්වා ගන්න බැරි වුණේ. මේක සැලසුම් සහගත වැඩක්.

ප්‍රශ්නය– ඔබ නියෝජනය කරන පක්ෂයට මේක වළක්වා ගන්න තිබුණනේද?

පිළිතුර– මම හිතනව එහෙම වුණා නම් හොඳයි කියල. නමුත් යම් සිදුවීමක් වුණා. ගෝල්ෆේස් එකේ සිද්ධියට සම්බන්ධ අය එක්ක ගණුදෙනුව බේරගන්නව මිසක රටේ අහිංසක මිනිස්සුගෙ ගෙවල් ගිණි තියන එක වැරදියි. මම එදා අරලියගහ මන්දිරයට ගියේ නැහැ. ඒත් මගේ ගේ ගිණි තිව්වා. රැස්වීමට නොගිය මගේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ ගෙවලුත් ගිණි තිව්වා. ඒව දේශපාලන උවමනාවක් මත වුණ දෙයක්.කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකළ දෙයක් බව මම වගකීමෙන් කියනවා.

ප්‍රශ්නය– අරගලයට පහර දෙන්න නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධ වුණා.

පිළිතුර– ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් මිනිස්සු කුලප්පු කරපු ආගමික නායකයෝ, කලාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය ගත්තු පියවර මොකක්ද. නීතිය හැමෝටම එකක් වෙන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් එක් වෙයි

Next Post

නිදහස් කරගැනීමේ ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් නිදහස් නොකිරීම නිසා නොමිලේ ලැබුණු බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වෙයි….

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.