fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

ඡන්ද අපේක්ෂකයින් සෞඛ්‍ය නිර්ණායක රකින බවට දිවුරා පොරොන්දු විය යුතුයි

සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා

වසර 2ක් ago
in මැතිවරණය
435 4
0
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් ලොව බොහෝ රටවල් ලක්ෂ ගණනින් මියයද්දී මෙරට ඉන් මුදවාගැනීමට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල, ආරක්ෂක අංශ, පාලකයින් මෙන්ම රටේ සමස්ත ජනතාව විශාල වශයෙන් කැප කිරීම් කරන්නට විය.

එලෙස කැප කිරීම් සිදුකර මුදාගත් රට මහමැතිවරණය නිසා අනතුරුදායක තත්වයකට පත්වීමේ අවදානමකට අප අද මුහුණ පා ඇත. මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් සඳහා සෞඛ්‍ය නිර්ණායක මේ වන විටත් ලබාදී තිබුණද ඒ නිර්ණායක පසෙකලා අපේක්ෂකයින් මනාප සටනට අවතීර්ණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. මෙහෙම ගියොත් හැමෝම කැපකිරීම් කර ආරක්ෂා කරගත් රට කොරෝනා දෙවන රැල්ලකින් විනාශ විය හැක. මේ නිසාම මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් සෞඛ්‍ය නිර්ණායක ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු විය යුතු බව සෞඛ්‍යය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිබඳව එම සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සමග ලංකාසර කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය- මැතිවරණය වෙනුවෙන් ලබාදී තිබෙන සෞඛ්‍ය නිර්ණායක නිසි ලෙස පිළිපදින බවට මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ නායකයින් එකඟතා ප්‍රකාශයකට අත්සන් තැබිය යුතු බව ඔබ සංගමය පවසනවා. හිටි හැටියේම මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ ඇයි?

පිළිතුර – කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සහ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. නමුත් ප්‍රායෝගිකව මේ වන විට පෙනෙන්නට තිබෙන පරිදි එවැනි එකඟතාවක් ඇති නොකර මෙම කටයුතු සිදු කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. මැතිවරණයට රටම සූදානම් වෙන මේ කාලසීමාව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍යය නිර්ණායක නියාමනය කිරීමේ පූර්ණ වගකීම මෙන්ම එම කාලය තුළ ඩෙංගු පාලනය වැනි අනෙකුත් මහජන සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ වගකීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාර්ය මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. මේ තත්ත්වය මත එම කටයුතු පහසු කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ නායකයින් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සමග සමග අනුගත වන බැවින් නිරෝධායන කොන්දේසි උල්ලංඝනය නොකරන බවටත් සහතික කර එකගතා ප්‍රකාශයකට අත්සන් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වන බව පසුගිය කාලයේ ප්‍රායෝගිකව ලද අත්දැකීම් අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය කාර්යාලය පවා යෝජනා කළා.

ප්‍රශ්නය- මේ ඔබ සංගමයේ යෝජනාවක්. එය නිල වශයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

පිළිතුර- මෙම යෝජනාව හා ඊට අදාළ කරුණු පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඊට අදාළ අනෙකුත් සියලු පාර්ශවයන් මේ වනවිටත් දැනුවත් කර තිබෙනවා.

ප්‍රශ්නය- ඔබ මේ කියන්නේ සෞඛ්‍ය නිර්ණායක කඩ නොකරන බවට සෑම අපේක්ෂකයෙක්ම දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතු බව ද?

පිළිතුර- ඔව් සෑම අපේක්ෂකයෙකුට ම දිවුරුම් ප්‍රකාශයක් මගින් එය ප්‍රකාශ කළ හැකියි. ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාට පියවර ගන්න පුළුවන්. අප විශ්වාස කරනවා ඔහු මේ සම්බන්ධව පියවර ගනු ඇතැයි කියා. කොහොම වුණත් දේශපාලන පක්ෂවල නායකයින්ට හා ලේකම්වරුන්ට ද මේ සම්බන්ධව වගකීමක් තිබෙනවා. මේ හැමෝම තමන්ගේ වගකීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මොකද පසුගිය කාලය පුරාවට අප විවිධ කැපකිරීම් කළා. ආරක්ෂක අංශ රටේ සමස්ත ජනතාව කැපකිරීම් කළා. රට වහලා තබන්න සිදු වුණා. ඒ සියලු කැපකිරීම් කරමින් අද මේ තැනට රට ගෙනවිත් තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියළුම අපේක්ෂකයින්ට මේ සම්බන්දව වගකීමක් තිබෙනවා. මොකද ඔවුන් මේ මැතිවරණයෙන් යන්න උත්සාහ කරන්නේ රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නේ එතනින් එහෙමනම් රට හද නම් රට හදන තැනට යන්න උත්සාහ කරන මේ අපේක්ෂකයින් ජනතාවට ආදර්ශයක් විය යුතුයි. මේ අපේක්ෂකයින් හිතන්නේ පළමුව මනාපය ද රටද කියන එක ජනතාවට බලා ගැනීමට දැන් හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ප්‍රශ්නය- ලබා දී තිබෙන සෞඛ්‍ය නිර්ණායක ප්‍රායෝගික නොවන බවත් ඒවා පිළිපදිමින් ඡන්දයක් කළ නොහැකි බවත් ඇතැම් අපේක්ෂකයින් ප්‍රකාශ කරනවා අප දුටුවා. ඒ අනුව පෙනෙන්නේ ඔවුන් මේ නිර්ණායක ප්‍රතික්ෂේප කරන බවක් නේද ?

පිළිතුර- සෞඛ්‍ය නිර්ණායක දුන්නේ දේශපාලනඥයන්ට ඕන විදිහට නෙවෙයි. ඒවා සකස් කර තිබෙන්නේ වසංගත තත්වය ගැන අධ්‍යයනය කරලා. මේ නිර්ණායක ප්‍රායෝගික නැහැ කියලා කියනවා නම් එය අපට පිළිගන්න බැහැ. ඇතැම් අය මේ ඡන්දය දේශපාලන සූදුවක් බවට පත්කරගෙන තිබෙනවා. කොටසක් ඡන්දය තියන්න ඕන කියලා කියනවා. තවත් කොටසක් කියනවා කොරෝනා නිසා ඡන්දය තියන්න බැහැ කියලා. මේ දෙගොල්ලම පාවිච්චි කරන්නේ සෞඛ්‍ය. අපි කියන්නේ අපිට අපට කළ හැක්කේ සෞඛ්‍ය නිර්ණායක ලබාදීම. ඒවා පිළිගන්නවාද නැද්ද කියන එක එයාලගේ වැඩක්. පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශ තොරතුරු ලබා දුන්නා. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ වගකීම තිබුණේ දේශපාලන අධිකාරියට. වගකිව යුතු තැන්වලින් අදාල කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාකවලට රටම මුහුණ දුන්නා.

ප්‍රශ්නය- ඇත්තටම අපේක්ෂකයින් මේ සෞඛ්‍ය නිර්ණායක පිළිනොපැද්දොත් කුමක්ද වෙන්නේ ?

පිළිතුර- මහා විනාශයක් විය හැකියි. ඒ විනාශය වැළැක්වීමට පක්ෂ ලේකම්වරුන්ට මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාට ද විශාල වගකීමක් තිබෙනවා.

ප්‍රශ්නය- වර්තමානය වන විට රටේ පවතින තත්වය මත කොරෝනා දෙවැනි රැල්ලක් මතු වීමේ අවදානමක් තිබෙනවාද ?

පිළිතුර – කොරෝනා දෙවන රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති නොවෙයි කියල අපට නිශ්චිත වශයෙන්ම කියන්න බැහැ. මේ වන විට අපි පාලනය කර තිබෙනවා. නමුත් ක්‍රමයෙන් දැන් රට විවෘත වෙනවා සහ සංචාරකයින් පැමිණෙනවා. විදේශ රටවල ඉන්න අය ගෙන්වා ගන්නවා. මේ හැම දේටම වඩා ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස විශාල වශයෙන් පිරිස් මේ පිරිස මෙරටට පැමිණෙනවා. මේවත් සමග මැතිවරණ අපේක්ෂකයින් එක පොදියට හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවෙයි කියලා අපට කියන්න බැහැ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් බලෙන් ගන්නා දේශපාලන බලවතුන් ගැන පැමිණිල්ලක්

Next Post

ආචර් සමග කොදෙව්වෝ තරහ වෙති

Related Posts

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist