බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

ඡන්ද අපේක්ෂකයින් සෞඛ්‍ය නිර්ණායක රකින බවට දිවුරා පොරොන්දු විය යුතුයි

සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා

by Lanka Sara Editor
ජූනි 16, 2020 - Updated on ජූනි 25, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් ලොව බොහෝ රටවල් ලක්ෂ ගණනින් මියයද්දී මෙරට ඉන් මුදවාගැනීමට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල, ආරක්ෂක අංශ, පාලකයින් මෙන්ම රටේ සමස්ත ජනතාව විශාල වශයෙන් කැප කිරීම් කරන්නට විය.

එලෙස කැප කිරීම් සිදුකර මුදාගත් රට මහමැතිවරණය නිසා අනතුරුදායක තත්වයකට පත්වීමේ අවදානමකට අප අද මුහුණ පා ඇත. මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් සඳහා සෞඛ්‍ය නිර්ණායක මේ වන විටත් ලබාදී තිබුණද ඒ නිර්ණායක පසෙකලා අපේක්ෂකයින් මනාප සටනට අවතීර්ණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. මෙහෙම ගියොත් හැමෝම කැපකිරීම් කර ආරක්ෂා කරගත් රට කොරෝනා දෙවන රැල්ලකින් විනාශ විය හැක. මේ නිසාම මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් සෞඛ්‍ය නිර්ණායක ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු විය යුතු බව සෞඛ්‍යය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිබඳව එම සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සමග ලංකාසර කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය- මැතිවරණය වෙනුවෙන් ලබාදී තිබෙන සෞඛ්‍ය නිර්ණායක නිසි ලෙස පිළිපදින බවට මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ නායකයින් එකඟතා ප්‍රකාශයකට අත්සන් තැබිය යුතු බව ඔබ සංගමය පවසනවා. හිටි හැටියේම මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ ඇයි?

පිළිතුර – කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සහ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. නමුත් ප්‍රායෝගිකව මේ වන විට පෙනෙන්නට තිබෙන පරිදි එවැනි එකඟතාවක් ඇති නොකර මෙම කටයුතු සිදු කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. මැතිවරණයට රටම සූදානම් වෙන මේ කාලසීමාව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍යය නිර්ණායක නියාමනය කිරීමේ පූර්ණ වගකීම මෙන්ම එම කාලය තුළ ඩෙංගු පාලනය වැනි අනෙකුත් මහජන සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ වගකීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාර්ය මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. මේ තත්ත්වය මත එම කටයුතු පහසු කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ නායකයින් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සමග සමග අනුගත වන බැවින් නිරෝධායන කොන්දේසි උල්ලංඝනය නොකරන බවටත් සහතික කර එකගතා ප්‍රකාශයකට අත්සන් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වන බව පසුගිය කාලයේ ප්‍රායෝගිකව ලද අත්දැකීම් අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය කාර්යාලය පවා යෝජනා කළා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ප්‍රශ්නය- මේ ඔබ සංගමයේ යෝජනාවක්. එය නිල වශයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

පිළිතුර- මෙම යෝජනාව හා ඊට අදාළ කරුණු පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඊට අදාළ අනෙකුත් සියලු පාර්ශවයන් මේ වනවිටත් දැනුවත් කර තිබෙනවා.

ප්‍රශ්නය- ඔබ මේ කියන්නේ සෞඛ්‍ය නිර්ණායක කඩ නොකරන බවට සෑම අපේක්ෂකයෙක්ම දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතු බව ද?

පිළිතුර- ඔව් සෑම අපේක්ෂකයෙකුට ම දිවුරුම් ප්‍රකාශයක් මගින් එය ප්‍රකාශ කළ හැකියි. ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාට පියවර ගන්න පුළුවන්. අප විශ්වාස කරනවා ඔහු මේ සම්බන්ධව පියවර ගනු ඇතැයි කියා. කොහොම වුණත් දේශපාලන පක්ෂවල නායකයින්ට හා ලේකම්වරුන්ට ද මේ සම්බන්ධව වගකීමක් තිබෙනවා. මේ හැමෝම තමන්ගේ වගකීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මොකද පසුගිය කාලය පුරාවට අප විවිධ කැපකිරීම් කළා. ආරක්ෂක අංශ රටේ සමස්ත ජනතාව කැපකිරීම් කළා. රට වහලා තබන්න සිදු වුණා. ඒ සියලු කැපකිරීම් කරමින් අද මේ තැනට රට ගෙනවිත් තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියළුම අපේක්ෂකයින්ට මේ සම්බන්දව වගකීමක් තිබෙනවා. මොකද ඔවුන් මේ මැතිවරණයෙන් යන්න උත්සාහ කරන්නේ රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නේ එතනින් එහෙමනම් රට හද නම් රට හදන තැනට යන්න උත්සාහ කරන මේ අපේක්ෂකයින් ජනතාවට ආදර්ශයක් විය යුතුයි. මේ අපේක්ෂකයින් හිතන්නේ පළමුව මනාපය ද රටද කියන එක ජනතාවට බලා ගැනීමට දැන් හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ප්‍රශ්නය- ලබා දී තිබෙන සෞඛ්‍ය නිර්ණායක ප්‍රායෝගික නොවන බවත් ඒවා පිළිපදිමින් ඡන්දයක් කළ නොහැකි බවත් ඇතැම් අපේක්ෂකයින් ප්‍රකාශ කරනවා අප දුටුවා. ඒ අනුව පෙනෙන්නේ ඔවුන් මේ නිර්ණායක ප්‍රතික්ෂේප කරන බවක් නේද ?

පිළිතුර- සෞඛ්‍ය නිර්ණායක දුන්නේ දේශපාලනඥයන්ට ඕන විදිහට නෙවෙයි. ඒවා සකස් කර තිබෙන්නේ වසංගත තත්වය ගැන අධ්‍යයනය කරලා. මේ නිර්ණායක ප්‍රායෝගික නැහැ කියලා කියනවා නම් එය අපට පිළිගන්න බැහැ. ඇතැම් අය මේ ඡන්දය දේශපාලන සූදුවක් බවට පත්කරගෙන තිබෙනවා. කොටසක් ඡන්දය තියන්න ඕන කියලා කියනවා. තවත් කොටසක් කියනවා කොරෝනා නිසා ඡන්දය තියන්න බැහැ කියලා. මේ දෙගොල්ලම පාවිච්චි කරන්නේ සෞඛ්‍ය. අපි කියන්නේ අපිට අපට කළ හැක්කේ සෞඛ්‍ය නිර්ණායක ලබාදීම. ඒවා පිළිගන්නවාද නැද්ද කියන එක එයාලගේ වැඩක්. පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශ තොරතුරු ලබා දුන්නා. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ වගකීම තිබුණේ දේශපාලන අධිකාරියට. වගකිව යුතු තැන්වලින් අදාල කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාකවලට රටම මුහුණ දුන්නා.

ප්‍රශ්නය- ඇත්තටම අපේක්ෂකයින් මේ සෞඛ්‍ය නිර්ණායක පිළිනොපැද්දොත් කුමක්ද වෙන්නේ ?

පිළිතුර- මහා විනාශයක් විය හැකියි. ඒ විනාශය වැළැක්වීමට පක්ෂ ලේකම්වරුන්ට මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාට ද විශාල වගකීමක් තිබෙනවා.

ප්‍රශ්නය- වර්තමානය වන විට රටේ පවතින තත්වය මත කොරෝනා දෙවැනි රැල්ලක් මතු වීමේ අවදානමක් තිබෙනවාද ?

පිළිතුර – කොරෝනා දෙවන රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති නොවෙයි කියල අපට නිශ්චිත වශයෙන්ම කියන්න බැහැ. මේ වන විට අපි පාලනය කර තිබෙනවා. නමුත් ක්‍රමයෙන් දැන් රට විවෘත වෙනවා සහ සංචාරකයින් පැමිණෙනවා. විදේශ රටවල ඉන්න අය ගෙන්වා ගන්නවා. මේ හැම දේටම වඩා ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස විශාල වශයෙන් පිරිස් මේ පිරිස මෙරටට පැමිණෙනවා. මේවත් සමග මැතිවරණ අපේක්ෂකයින් එක පොදියට හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවෙයි කියලා අපට කියන්න බැහැ.

Tags: නවතම
Share75Tweet43
Previous Post

බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් බලෙන් ගන්නා දේශපාලන බලවතුන් ගැන පැමිණිල්ලක්

Next Post

ආචර් සමග කොදෙව්වෝ තරහ වෙති

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.