බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

අවුරුදු එක හමාරකට පසු පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම ලබා දී ඇත්තේ සත්‍ය යටපත් කළ අසම්පූර්ණ සැක සහිත වාර්තාවක්...

by editor
පෙබරවාරි 24, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් රට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ප්‍රකාශ වී නැති බවත්,  ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා කවුද, එය සිදුකළේ කාගේ වුවමනාවටද, එය පසුපස තිබූ  තිබුණ හස්තය කවරෙකුගේ ද, ප්‍රහාරය පසුපස විදේශීය බලපෑමක් තිබුණාද, නැතහොත් එය දේශීය සංවිධානයක බලපෑමකින් සිදුවූවක්ද යන මූලික ප්‍රශ්න කිසිවකටත්  උත්තර නොමැති ලියැවිල්ලක් බවත්  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළා. කොමිසමට පැමිණිකරුවන් සාක්ෂිකරුවන් කැඳවලා පරීක්ෂණ සිදුකළා. කොමිසම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන්නා. එය පෙබරවාරි 23දා එනම් දින 23කට පමණ පසුව තමයි කථානායකට බාරදී තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තවම එය ලබාදීලා නැහැ. පාර්ලිරම්න්තු පුස්තකාලයේ එහි පිටපතක් තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අන්තර්ගතය

මෙම වාර්තාව මගින් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්, විවිධ අතපසුවීම්, නොසැලකිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමට චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ප්‍රහාරය ඇතිවීමට හේතු, මෙවැනි ප්‍රහාරයක් මඟහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රහාරයට අන්තවාදී සංවිධානවල බලපෑම ගැන සඳහන් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ සමාජීය කාරණා පිළිබඳ විග්‍රහයක් තිබෙනවා.

නමුත් මේ ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා කවුද, එය සිදුකළේ කාගේ වුවමනාවටද, එහි පිටිපස්සේ තිබුණ හස්තය කාගෙද, විදේශීය බලපෑමක් තිබුණද, දේශීය සංවිධානයක බලපෑමක් තිබුනද කියන ප්‍රශ්නයට උත්තර නැහැ. අන්තවාදයේ කූඨ ප්‍රාප්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය ඇතිවූ බවට වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

පැවති දේශපාලන තත්වයන් මත අන්තවාදී ක්‍රියා ඇති වූ බවද එහි සඳහන් වෙනවා. නමුත් රටම බලා සිටියේ මෙම ප්‍රහාරය කාගේ උවමනාවකට සිදුවූවක්ද කියා දැනගැනීමටයි. සැබෑ වගඋත්තරකරුවා හෙළි වීනැති නිසා එම පුද්ගලයා තවමත් නිදැල්ලේ.

පැහැර හැර ඇති කොමිසමේ  ප්‍රධාන වගකීම

ජනාධිපති කොමිසමේ ප්‍රධාන වගකීම ඇත්ත වගඋත්තරකරුවා හෙළිදරව් කිරීමයි. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධව අදාළ බලධාරීන්ට විරුද්ධව ගත යුතු පියවර ගැන නම් එහි සඳහන් වෙනවා. මෙවැනි කොමිෂන් වාර්තාවක් අංග සම්පූර්ණ එකක් විය යුතුයි. මේ වාර්තාවේ  අලුත් දෙයක් නැහැ. මෛත්‍රී රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියලා ජනතාව දැනගෙන හිටියා. වවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිපරිත් වූ කරුණු පදනම් කරගෙන සැබෑ කුමන්ත්‍රණකරුවා හෙළිකිරීම තමයි වැදගත්. ජනතාව ඒ දේ බලාපොරොත්තු වුනා. නමුත් එය සිදුවී නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තාට දඬුවම් කිරීමක් මේ වාර්තාවෙන් සිදුවෙලා නැහැ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත්කිරීමේදී ගැසට් එකේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ කුමන්ත්‍රණයේ සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් කරගැනීම ප්‍රමුඛ කාර්යයක් කියලා. එවැන්නක් සිදුවෙලා නැහැ. එනිසා මෙම කොමිසම්  වාර්තාවත් තවත් එක් වාර්තාවක් පමණක් බවයි අපිට වැටහෙන්නේ.

අපරාධය පසුපස  සිටින ඇත්ත නායකයා කවුද?

මෙවැනි ප්‍රහාරයක් මෙහෙය වන අන්තවාදී සංවිධානයක නායකයා සියදිවි නසාගත් බව කීමත්ම ප්‍රහේළිකාවක්. වාර්තාවේම සඳහන් වෙනවා එසේ නොවූ බව. සහරාන් කියන්නේ නායකයා නොවේ නම් එහි නායකයා, ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා තවමත් සිටිනවා. එම සංවිධානය තවමත් තිබෙනවා. මූලයන් පිළිබද නිශ්චිත තොරතුරක් නැහැ.

අවුරුද්දයි මාස 05ක් පමණ කොමිසම ක්‍රියාත්මක වුනා. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ මෙහෙයුම්කරුවා කවුද කියලා හෙළි වෙයි කියලා. මෙය කළේ දේශපාලන වුවමනාවකටද? ආගමික වුවමනාවකටද යන්න පැහැදිලි නෑ. මෙම වාර්තාවේ ජනතාව දැනටමත් දන්නා කරුණු මිසක් විශේෂ යමක් සඳහන්ව නෑ.

සත්‍ය දැනගැනීම ජනතාවට තිබෙන අයිතියක්. වාර්තාව ජනාධිපතිවරයාට දුන් දිනම එය මන්ත්‍රීවරුන්ට සහ ජනතාවටත් ලබාදිය යුතුව තිබුණා. එසේ නොකිරීමත් සැකසංකා උපදවන්නක්. අවුරුදු 1 1/2ක් පමණ කොමිසම කල්මරලත් ලබාදී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැක සහිත වාර්තාවක්.

රනිල්ට නඩු නෑ..

තවත් කාරණයක් තමයි, මෙහි රනිල්ට නඩු දාන්න කියල නෑ. ඔහුට තිබෙන්නෙ නොසැලකිල්ල කියන චෝදනාව. ඔහු පසුගිය ආණ්ඩුවේ දෙවෙනි බලධරයා.  ඔහු බබෙක් නොවෙයි. මෙතනත් සැඟවූ යමක් තිබෙනවා. මෛත්‍රීට සහ රනිල්ට දෙවිධියකට සැලකීම තුළ වාර්තාවේ සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් පැන නගිනවා. කෙසේ වෙතත් මෙම වාර්තාවත් සත්‍ය යටපත් කළ හුදු වාර්තාවක්ම පමණයි.

මෙම වාර්තාව සම්පූර්ණයෙන් අසාර්ථක එකක් කියලා අපි කියන්නේ නැහැ. ජනතා මුදල් වියදම් වුවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කළ යුතුව තිබුණා. නමුත් වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා පිළිගන්න බැහැ. මේ වාර්තාව මන්ත්‍රීවරන්ට මෙන්ම ජනතාවටත් අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.

කෙසේ වෙතත් මෙම වාර්තාවේ නිර්දේශ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 05ක් හෙට කටුනායකට…

Next Post

මානව හිමිකම් මහ කොමසාරිස් බැචලේට බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිගෙන් කටඋත්තර නැති ප්‍රශ්නයක්

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.